බටහිර තහනම් යටතේ පවතින රුසියානු රාජ්‍ය ආයුධ නිෂ්පාදකයෙකු සමඟ චීන ඩ්‍රෝන් විශේෂඥයින් එක්ව වැඩ කළ බව ලේඛන සහ යුරෝපීය ආරක්ෂක අධිකාරීන් උපුටා දක්වමින් රොයිටර්ස් වාර්තා කරනවා.
වාර්තා අනුව, චීන විශේෂඥයින් 2023 මැද සිට කිහිප වරක් IEMZ Kupol කර්මාන්තශාලාවට ගොස් හමුදා ඩ්‍රෝන සංවර්ධනය, පරීක්ෂා සහ තාක්ෂණික කටයුතු සඳහා සහාය ලබා දී තිබෙනවා.
Kupol සමාගම තහනම් ලද රුසියානු මැදිහත්කරු හරහා චීනයේ ගොඩනැගූ ප්‍රහාර හා නිරීක්ෂණ ඩ්‍රෝන කිහිපයක්ද ලබාගෙන ඇතැයබි රොයිටර්ස් වාර්තාවේ සඳහන්.
Reuters නිරීක්ෂණය කළ ලේඛන අනුව Sichuan AEE සහ Hunan Haotianyi වැනි චීන සමාගම් රුසියානු පද්ධතිවලට යාවත්කාලීන කළ A140, A900, A60, A100, A200 වැනි පරමාණු ප්‍රහාර ඩ්‍රෝන සහ අමතර කොටස් සපයමින් ඇතැයි ප්‍රවෘත්ති වාර්තාවේ දැක්වෙනවා.
චීන විශේෂඥයින් ඩ්‍රෝන රැඳවීම, කුපෝල් කාර්ය මණ්ඩලයට පුහුණුව දීම, සහ Chebarkul වැනි රුසියානු පරීක්ෂණ කඳවුරු වෙත ගොස් තිබෙන බවද රොයිටර්ස් වාර්තා කළා.
රොයිටර්ස් කළ විමසීමක දී චීන විදේශ අමාත්‍යාංශය “අවි හුවමාරුවක් සිදු නොවූ බව” අවධාරණය කර ඇති අතර රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය, Kupol සහ සම්බන්ධිත සමාගම් ප්‍රතිචාර දක්වා නැහැ.





