චීනය මෙක්සිකානු වරායේ බහාලුම් අතහැර දමන්නේ ඇයි?

විදේශ සබඳතා කවුන්සිලය විසින් සම්පාදනය කරන ලද දත්ත වලට අනුව, පසුගිය වසර තුළ මෙක්සිකෝව , එක්සත් ජනපද ආනයනවල ප්‍රමුඛ ප්‍රභවය ලෙස චීනය අභිබවා ගොස් තිබෙනවා.

මෙම වැඩිවීම චීනය තම භාණ්ඩ එක්සත් ජනපදයට හොර රහසේ ගෙන ඒම සඳහා පසුපස දොරටුවක් ලෙස මෙක්සිකෝව භාවිතා කිරීමේ ප්‍රතිඵලයක්.

චීනය, එක්සත් ජනපද පාරිභෝගිකයින් වෙත ළඟා වීමට සහ තීරුබදු හෝ සම්බාධකවලින් බේරීමට මෙවලමක් ලෙස මෙක්සිකෝව සහ එක්සත් ජනපද-මෙක්සිකෝ-කැනඩා ගිවිසුම (USMCA) භාවිතා කරන බවට ට්‍රම්ප් පරිපාලනය චෝදනා කර තිබෙනවා.

මෑතක දී චීන බහාලුම් 900 කට අධික ප්‍රමාණයක්, මෙක්සිකෝවේ පැසිෆික් වෙරළ තීරයේ මැන්සානිලෝ වරායේදී එහි හිමිකරුවන් විසින් අතහැර දමා ගොස් ඇති බව සොයා ගනු ලැබුවා.

ඉන් එක් බහාලුමක යුවාන් 400,000 කට වඩා වටිනා භාණ්ඩ සහ නැව්ගත කිරීමේ පිරිවැය යුවාන් 30,000 කට වඩා වැඩි බව සඳහන්.

මෙක්සිකෝ රේගු නිලධාරීන්ට ඇති මෙම බහලුම් අතහැර දමන්නේ ඇයි ද යන්නයි.

මෙක්සිකෝවේ ජාතික රේගු ඒජන්සිය ව්‍යාජ වෙළඳාමට එරෙහිව මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර අතහැර දැමූ බහාලුම්වලට සම්බන්ධ වංචනික සමාගම් රාශියක් සොයාගෙන තිබෙනවා.

මැන්සානිලෝ වරායේ රේගු නිලධාරීන් ගැමා විකිරණ, එක්ස් කිරණ යන්ත්‍ර සහ බහු ස්ථර පරීක්ෂණ ජාලය වැනි නවතම තාක්ෂණයන් භාවිතා කරන අතර ව්‍යාජ භාණ්ඩ සොයා ගැනීම සඳහා විශේෂිත කණ්ඩායම්, ස්නයිෆර් බල්ලන් සහ රසායනික විශේෂඥයින් ද යොදා ගන්නවා.

මෙම අතහැර දැමූ බහාලුම් ඉහළ මට්ටමේ රූපලාවන්‍ය ද්‍රව්‍ය, අත්බෑග්, සුවඳ විලවුන්, ස්නීකර් සිට ටයිල්, මෙවලම් සහ රෙදිපිළි දක්වා ව්‍යාජ චීන භාණ්ඩ වලින් පිරී ඇතැයි සඳහන්.

මෙක්සිකානු රේගුව ලේඛන විෂමතා, බිල්පත් වැරදි ගණනය කිරීම්, අසම්පූර්ණ ලේඛන කටයුතු සහ නිෂ්පාදන පිළිබඳ ව්‍යාජ ප්‍රකාශ ද සොයා ගෙන ඇති අතර මෙය දඩ සහ නඩු වළක්වා ගැනීම සඳහා බොහෝ චීන භාණ්ඩ ප්‍රවාහනය කරන්නන් ඔවුන්ගේ සම්පූර්ණ බහාලුම අතහැර දැමීමට හේතු වී ඇතැයි සැලකෙනවා.

2025 මාර්තු මාසයේදී මෙක්සිකෝවේ ජාතික රේගු ඒජන්සිය ඇමරිකානු ඩොලර් මිලියන 16 ක් වටිනා ව්‍යාජ චීන භාණ්ඩ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර 2025 ජුනි 26 වන දින, යුරෝපීය රාජ්‍ය අභිචෝදක කාර්යාලය (EPPO) EU සාමාජික රටවල් 14 ක් හරහා කැලිප්සෝ ව්‍යාපෘතිය දියත් කළ අතර, චීන බහාලුම් 480 ක් අත්අඩංගුවට ගත්තා.

බල්ගේරියාව, ග්‍රීසිය, ප්‍රංශය සහ ස්පාඤ්ඤය යන රටවල සෝදිසි මෙහෙයුම් 101 ක් සිදු කරන ලද අතර වැටලීමේදී චීන ආනයන සඳහා රේගු බදු සහ බදු මග හැරීම සම්බන්ධයෙන් සැක කෙරෙන දැවැන්ත අපරාධ ජාලයක් අනාවරණ කර ගැණුනා.

මෙම තත්ත්වය තුළ මෙක්සිකෝව, ග්‍රීසිය, ස්පාඤ්ඤය සහ ප්‍රංශය ඇතුළු ලෝකයේ බොහෝ වරායන්, අඩු වටිනාකමක් ඇති ඉන්වොයිසි, ව්‍යාජ වෙළඳ නාම සහ අගය එකතු කිරීමේ බදු (VAT) වංචා සඳහා චීන බහාලුම් දැඩි ලෙස පරීක්ෂා කිරීමට පටන් ගෙන ඇතැයි වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16