තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකු අබිරහස් ලෙස මියයාමට බලපෑ හේතුව බීර හාසහ හෙරොයින් අධික ලෙස ශරීරගතවීම බවට අනාවරණය වී තිබෙනවා.
අදාළ මෘත දේහයන් සම්බන්ධයෙන් සිදුකළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදීයි මේ බව ආවරණය වී ඇත්තේ.
තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී රුවන් නානයක්කාර විසින් අදාළ මරණ පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය අද සිදුකරනු ලැබුවා.
තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් පවතින නිවසක් තුළ තිබී පුද්ගලයින් දෙදෙනෙකුගේ මළසිරුරු ඊයේ (22) පෙරවරුවේ සොයාගත්තා.
එමෙන්ම එම නිවසේ සිටි තවත් පුද්ගලයෙකු යම් රෝගී තත්ත්වයක් හේතුවෙන් තංගල්ල මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබුණා.





