කෝටි ගණනක මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තොටුපොළේ දී අල්ලයි

රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුතු කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් මගීන් දෙදෙනෙක් අද (23) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු එක් ගුවන් මඟියෙක් කොළඹ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවක් වන අතර,අ අනෙක් ගුවන් මගියා ඉන්දියාවේ චෙන්නායි නුවර පදිංචි 28 හැවිරිදි අයෙක්.

ඔවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිල දී ගෙන, ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත පැමිණ එතැන් සිට අද (23) අලුයම 06.50ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 277 දරණ ගුවන් යානයෙන් කටුනායකට පැමිණ තිබෙනවා.

ඔවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මළු දෙකක් තුළ සහ පිටෙහි එල්ලාගෙන යනු ලබන ගමන් මල්ලක් තුළ ඇසුරුම් 05 ක් ලෙස සකස් කළ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05යි ග්‍රෑම් 92ක් මෙලෙස රැගෙනවිත් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සහ සැකකාරිය මත්ද්‍රව්‍ය තොගය ද සමඟ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?