ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගය අද – කණ්ඩායමේ වෙනස්කමක්

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද (23) පැවැත්වෙනවා.

අඩුඩාබිහි දී පාකිස්ථානය කණ්ඩායම සමඟ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකාව තීරණාත්මක තරගයක් වනවා.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ බලාපොරොත්තු තබා ගැනීමට නම් අද පැවැත්වෙන තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අනිවාර්ය වනවා.

මෙම තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 08.00 ආරම්භවීමට නියමිත අතර, ශ්‍රී ලංකාව අද පන්දු යවන්නන් පස්දෙනෙකුගෙන් යුතුව අද තරගයට එක්වනු ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට බොහෝ දුරට තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න කැඳවීමට අවස්ථාවක් පවතිනවා.

මේ අතර තරගයට පෙර ඊයේ දිනයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සඳහන් කළේ මෙවැන්නන්.

“අපි තාම කතා බහ කරමින් ඉන්නේ. තාම ෆයිනලයිස් කරලා නෑ එකොළහ, අනෙක් කණ්ඩායම්වලට සාපේක්ෂව ලේෆ්ට් හෑන්ඩස්ලා ගොඩක් ඉන්නවා. අනිවාර්යයෙන්ම දඟ පන්දු යවන්නෙක්ගේ වෙනසක් වෙන්න පුළුවන්. ඊට අමතරව අපි තාම කතා කරමින් යනවා තව එක්ස්ට්‍රා එක්ස්ට්‍රා බෝලිං ඕල් රවුඩර් කෙනෙක් යූස් කරනවා ද කියලා . සමහර වෙලාවට බෝලස්ලා හතරකින් යද්දි අපි ගාණක් ඩිෆෙන්ඩ් කරද්දි අපිට පොඩි අමාරුවක් තියෙනවා කියලා පේනවා. ගොඩක් වෙලාවට එක්ස්ට්‍රා බෝලර් කෙනෙක් සෙල්ලම් කරාවි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16