දුනිත්ගේ පියාගේ දේහය රෝහලේ සිට පෞද්ගලික මල්ශාලාවකට රැගෙන යයි (වීඩියෝ)

පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ පියාගේ මෘත දේහය පෞද්ගලික මල්ශාලාවක් වෙත මේ වනවිට රැගෙන ගොස් තිබෙනවා.

දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ අද (19 ) දහවල් එම දේහය රෝහලේ සිට මල්ශාලාව වෙත රැගෙන ගිය බවයි.

මේ අතර දුනිත් වෙල්ලාලගේගේ පියා වන සුරංග වෙල්ලාලගේ මහතාගේ අවසන් කටයුතු ලබන ඉරිදා (21) දිනයේ සිදුකරන බව පවුලේ ඥාතීන් සඳහන් කළා.

ඔහුගේ දේහය හෙට (20) උදෑසන 9.30 සිටගල්කිස්ස මහින්ද මල්ශාලාවේ මහජන ගෞරව වෙනුවෙන් තැන්පත් කර තැබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?