නටඹුන් වී තිබෙන රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටල්කරණය හරහා වඩාත් කාර්යක්ෂම කිරීමට අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ සිදුකර සිටියේ, ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය (2025 – 2029) හඳුන්වාදීම සහ ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට අද (19) පෙරවරුවේ එක්වෙමින්.
රාජ්‍ය යාන්ත්‍රණයේ ගැඹුරුතම අර්බුදයක් බවට පත් වී තිබෙන විනිවිදභාවය පිළිබඳ ගැටලුව විසඳීම සඳහා ද ඩිජිටල්කරණය විශාල දායකත්වයක් ලබාදෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම රටේ පුරවැසියන් රාජ්‍ය සේවය පිළිබඳ තෘප්තිමත් නොමැති බව සඳහන් කළ ජනාධිපතිවරයා, තෘප්තිමත්, කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ලබා දෙන්න නම්, නව පද්ධතීන් නිර්මාණය කොට මෙහි කාර්යක්ෂමතාවය සහ ප්‍රතිඵලය ජනතාවට ලබා දිය යුතු බවයි පැවසුවේ.















