තරගයක් අවසානයේ අතට අත දෙන්න කොහෙවත් නීතියක් නැහැ – BCCI නිලධාරියෙක් කියයි

ආසියානු කුසලානයේ A ඛාණ්ඩයට අදාළව පෙරේදා (14) දිනයේ පැවැත්වුණු ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයෙන් පසුව කණ්ඩායම් දෙක අතර අතට අත දීමක් සිදු නොවීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වය පිළිබද ඉන්දීය ක්‍රිකට් ආයතනයේ (BCCI ) ඉහළ පෙළේ නිලධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත අදහස් පළ කර තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ තරගයක් අවසානයේ ප්‍රතිවාදියන් සමඟ අතට අත දීම හුදෙක් ගුණාත්මකභාවයේ ඉරියව්වක් පමණක් බවත් අතට අත දීමට කිසිදු නීතියක් නොමැති බවයි.

තරගය ඉන්දීය කණ්ඩායම කඩුලු 07 කින් ජය ගැනීමෙන් පසු ඉන්දීය ක්‍රීඩකයින් විසින් පාකිස්ථාන ක්‍රීඩකයින්ට අතට අතදීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් සහ ශිවම් ඩුබේ තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව පිටිය මැදදී සුපුරුදු පරිදි අතට අතදීමකින් තොරව ක්‍රීඩාගාර වෙත පිටව ගිය අතර, එම අවස්ථාවේ දී ඉන්දීය ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලය ද ඔවුන්ගේ ක්‍රීඩක විවේකාගාරය වෙත ගොස් එහි දොර වසාගැනීමටයි කටයුතු කර තිබුණේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පකිස්නතාන ක්‍රිකට් මණ්ඩලය (PCB) සිය අප්‍රසාදය පළ කර අතර ආසියානු ක්‍රිකට් කවුන්සිලයට (ACC) නිල පැමිණිල්ලක් ඉදිරිපත් තිබුණා.

කෙසේ වෙතත්, ඉන්දියාව කළ දේ කිසිසේත්ම වරදක් නොවන බවයි BCCI නිලධාරියා පැහැදිලි කළේ.

BCCI නිලධාරියා තවදුරටත් පැවසුවේ, තරගය අවසානයේ ක්‍රීඩකයින්ට අතට අත දීමට නීතියක් නොමැති බවත්, ඉන්දියාව සහ පාකිස්තානය අතර ඉහළ යන දේශපාලන අර්බුද සැලකිල්ලට ගෙන, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් අතට අත දීම හෝ පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ කිසිදු අන්තර් ක්‍රියාකාරිත්වයක් පැවැත්වීම සිදු නොකරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30
Video thumbnail
පොලිස්පති ගැන කළ ප්‍රකාශයට සාගරට වැඩ වරදියිද ?මහමඟ ඝා#නය කිරීම ගැන ඉඟියක් දෙන්නේ ?
02:36
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපතිට කැබිනට් මාධ්‍ය හමුවෙදි දුන් පිළිතුර - දන්නේ නෑ කියන්න බෑ - එයාලා සාකච්ඡා කරපුවා
13:13
Video thumbnail
ඒකාධිපති පාලනයකට රට ගෙනියන්න හදන්නේ
07:18