ජාත්‍යන්තර ඕසොන් දිනය අදයි

ජාත්‍යන්තර ඕසොන් දිනය අදට යෙදී තිබෙනවා.

විද්‍යාවේ සිට ගෝලීය ක්‍රියාකාරිත්වය කරා යන්න මෙවර ජාත්‍යන්තර ඕසොන් දින තේමාවයි.

1994 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ දී සෑම වසරකම සැප්තැම්බර් 16 වනදා ඔසොන් ස්ථරය සංරක්ෂණය කිරිමේ දිනය ලෙසට නම් කරනු ලැබුවා.

ඕසෝන් ස්ථරය ආරක්ෂා කරගැනිම සඳහා පිහිටුවා ගත් මොන්ට්‍රියල් සංධානය ලොව සාර්ථකම බහු පාර්ශවීය සංන්ධානය ලෙසටයි සැලකෙන්නේ.

ඕසෝන් ස්ථරයට හානි කරන රසායනික ද්‍රව්‍ය පාරිභෝජනය අවම කිරිමට සහ තුරන් කිරීමට ශ්‍රී ලංකාව මේ වන විට පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි සඳහන් කළා.

මේ අතර සූර්යයාගේ පාරජම්බුල කිරණවලට එරෙහිව පෘථිවියේ ආරක්ෂක පලිහ වන ඕසෝන් ස්ථරය 2024 දී අඛණ්ඩව සුවය ලබා ඇති අතර, එය සියවසේ මැද භාගය වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීම සඳහා මාවතට යොමු කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.

ඕසෝන් ස්ථරය සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර දිනයේදී නිකුත් කරන ලද පණිවුඩයෙන් ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සඳහන් කළේ ඕසෝන් ස්ථරයේ පවතින සිදුර පසුගිය වසරවන විට කුඩා වී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින් - අපිට ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා
04:01
Video thumbnail
මේ ආණ්ඩුවට ඡන්දේ දුන්නේ මේවා කරන්න ද.. අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58