දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ කහතුඩුව අතර දරුණු අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් කාන්තාවක් මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ ලොරි රථයක පිටුපසින් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් අද (16) අලුයම මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබුවන් හෝමාගම සහ කළුබෝවිල රෝහල් වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් මියගොස් ඇත්තේ, 35 හැවිරිදි කාන්තාවක්.
එම කාන්තාවගේ මෘත ශරීරය හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
5
+1
1
+1





