ක්‍රිකට් පිටියේ පසමිතුරන් අතර යුද්ධය අද රාත්‍රියේ

2025 ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය අද (14) පැවැත්වෙනවා.

පසමිතුරන් අතර පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් අද (14) පස්වරු 8.00ට ආරම්භවීමට නියමිතයි.

ඉතිහාසයේ ඉන්දියාව සහ පාකිස්ථානය අවස්ථා 13 කදී හමු වී තිබෙනවා.

එහිදී තරග 10ක් ඉන්දියාව ජයගෙන ඇති අතර පාකිස්ථානය ජයගෙන ඇති තරග සංඛ්‍යව 03ක්.

දෙරට අවසන් වරට 20-20 ජාත්‍යන්තර තරගයක දී එකෙනා මුණගැසී ඇත්තේ 2024 වසරේ ජුනි මාසයේ දීයි.

ඇමරිකාවේ නිව්යෝර්ක් හිදී පැවති එම තරගය ලකුණු හයකින් ජයගැනීමට ඉන්දියාව සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට තද වැසි - වතු නිවාස රැසක් යටවෙයි
01:03
Video thumbnail
විපක්ෂ නායක සජිත් ICRC නියෝජිත ප්‍රධානීන් හමුවෙයි
00:47
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25