නේපාලයේ ඇති වී තිබෙන අර්බුධකාරී තත්වයත් සමඟ නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි සිය ධුරයෙන් ඊයේ (09) ඉල්ලා අස්වුණා.
කෙසේ වෙතත් මෙම තත්වය හමුවේ නේපාලයේ මීළග නායකයා ලෙස කත්මණ්ඩු නගරාධිපති බාලේන්ද්‍ර ෂා ව පත් කිරීමට විරෝධතාකරුවන්ගේ සූදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
“බැලන්” ලෙස ජනප්‍රිය වී සිටින 35 හැවිරිදි බාලේන්ද්‍ර ෂා 2022 මැයි මාසයේ සිට මේ දක්වා කත්මණ්ඩුවේ නගරාධිපතිවරයා ලෙස සේවය කරනු ලබනවා.
රැප් ගායකයෙක් ලෙස නේපාල තාරුණ්‍යයේ ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ ඔහු, ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තරගවදිමින් නගරාධිපති ධුරය ජයග්‍රහණය කළ අතර, පක්ෂ සහාය නොමැතිව කත්මණ්ඩුවේ නගරාධිපතිවරයා බවට පත්වූ පළමු පුද්ගලයා වනුයේ බාලේන්ද්‍ර ෂා යි .





