අයිස් හදන කෙමිකල් හමු වූ මිද්දෙණියේ ඉඩමේ පිහිටි නිවස ඇතුළෙන් තවත් බඩු ගොඩක් සොයාගැනේ

අයිස් මත්ද්‍රව්‍ය සැකසීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය තොගය සොයාගත් මිද්දෙණිය, කන්තෝරුවත්ත ප්‍රදේශයේ ඉඩමේ පිහිටි නිවස ආරක්ෂක අංශ විසින් පරීක්ෂාකර තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධරීන් කණ්ඩායමක් විසින් එම නිවස ඊයේ (08) පරීක්ෂාවට ලක්කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී නිවස තුළ තිබී පොලිස් ලාංඡන සහිත ටී ෂර්ට් තුනක්, බොටම් 02ක්, පොලිස් නිල ඇඳුම් මැසීමට ගන්නා රෙද්දක්, බැටන් පොලු 02ක්, හම් ඉනපටි 02ක්, කැලෑ ඉනපටි 04ක්, ටී 56 ගිනි අවියට යොදාගන්න අවිපටි 01ක්, බැටන් පොලු රඳවනයක්. ඩ්‍රවුන් ෂිට් 03ක්, බෝර 12 ගිනි අවියක බැරලයක කොටසක්, මෙරට නිෂ්පාදිත T56 උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක්, බෝර 12 ගිනි අවියක ක්‍රියාකාරී කොටසක් සහ එහි බැරලයක් සොයාගෙන තිබෙනවා.

ඊට අමතරව එම භුමියේ සඟවා තිබූ යතුරුපැදියක අංක තහඩු යුගලයක් සහ මෝටර් රථයක අංක තහඩු යුගලයක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ, සමඟ එම නිවසේ සිටි වයස අවුරුදු 82ක පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (09) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43
Video thumbnail
විපක්ෂයට වගේම ආණ්ඩුවටත් නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ
06:47
Video thumbnail
වැරදි කරන රියදුරන්ට ලකුණු අඩුවෙන ක්‍රමවේදයක් - රියදුරු බලපත්‍රය තහනම් කිරීමේ බලය තියෙනවා
11:52
Video thumbnail
සජබයත් එක්ක අපිට කිසිම ඩීල් එකක් නෑ
08:50
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරු ජවිපෙ ඒකාධිපති කණ්ඩායමට යටවුණා
08:25
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04