ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත ඔර්ලෝසු කණුව අසලදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කළ සිද්ධියට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (07) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ දී අපරාධයට ආධාර අනුබල දුන් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 31 හා 32 වයස්වල පසුවන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
පසුගිය 05 වනදා රාත්‍රියේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.
මේ අතර මෙම වෙඩි තැබීමට ගිනි අවිය සැපයූ බව කියන පුද්ගලයා ද මීට පෙර අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබුණා.
ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.





