ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 24 කණුව ආසන්නයේ ඊයේ (04) රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස් වෙනුවෙන් වන්දි ලබාදීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබෙනවා.
ඒ, අනුව ජීවිතක්ෂයට පත්වූ එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ලබාදීමට ජනාධිපති අරමුදල තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අනතුරින් පුද්ගයින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.
මියගිය අය අතර, බස් රථයේ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් 06 දෙනෙක් සහ කාන්තාවන් 09 දෙනෙක් ද සිටිනවා.
ඉන් අටදෙනෙකුගේ මෘත ශරීර දියතලාව රෝහලේ තැන්පත් කර ඇති අතර,අනෙක් 07 දෙනාගේ සිරුරු මේ වනවිට තැන්පත් කර ඇත්තේ බදුල්ල මහ රෝහලේයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
4
+1
+1





