පොහොසත් රටක් වෙනුවෙන් “ප්‍රජාශක්ති” ඇතුළු සංවර්ධන වැඩසටහන් සමාලෝචනයට

සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන ආරම්භ කිරීම සහ මේ වන විටත් ක්‍රියාත්මක රජයේ ප්‍රමුඛ සංවර්ධන වැඩසටහන්වල දිස්ත්‍රික් මට්ටමේ ප්‍රගති සාමාලෝචන රැස්වීමක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

“ප්‍රජාශක්ති” වැඩසටහන දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වන අන්දම සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, “ප්‍රජාශක්ති” මෙරට දිළිදුකම තුරන් කිරීමේ තවත් එක් වැඩසටහනක් බවට පත් කර ගන්නවා වෙනුවට පොහොසත් රටක් නිර්මාණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ සමඟ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ඒකාබද්ධ කර ගනිමින් ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරුණා.

මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් මතු කළ ගැටලුවලට පිළිතුරු ලබා දෙමින් ඉදිරි වර්ෂවල රජයේ දිස්ත්‍රික් මට්ටමේ සංවර්ධන වැඩසටහන් සියල්ලම ග්‍රාමීය මට්ටමේදී ප්‍රජා සංවර්ධන සභා විසින් හඳුනා ගන්නා සංවර්ධන වැඩසටහන් විය යුතු බවත්, එබැවින් දිස්ත්‍රික් මට්ටමේ සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී වෙන් කර ඇති ප්‍රතිපාදන සීමාවට ගැලපෙන ව්‍යාපෘති හඳුනා ගැනීම වෙනුවට, ව්‍යාපෘතියේ අවශ්‍යතාව සලකා බලා ප්‍රමුඛතාගත කළ යුතු බවත්, එම ප්‍රමුඛතා අනුව ඒ ඒ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පලාත් සභා, පලාත් පාලන ආයත සිය ප්‍රතිපාදන වෙන් කළයුතු බවත් ප්‍රජාශක්ති ලේකම් කාර්යාලයේ සහ මුදල් අමාත්‍යාශයේ නිලධාරීන් විසින් මෙහිදී පෙන්වා දුන්නා.

එමඟින්, සංවර්ධනය සඳහා වැය කරන ප්‍රතිපාදන විසිරුණු අරමුණු රැසකට වැය කරනවා වෙනුවට කේන්ද්‍රීය අරමුණකට යොමු කිරීම සිදුවන බවත් පෙන්වා දෙන ලදී. මෙම වැඩසටහනේ තවත් විශේෂත්වයක් වන්නේ, ග්‍රාමීය සංවර්ධනය සඳහා දායක වීම අපේක්ෂා කරන පෞද්ගලික අංශයේ පිරිසට පවා මෙම ව්‍යුහය තුළ සම්බන්ධ වීමට අවස්ථාව සලසා තිබීම බව අවධාරණය වුණා.

ප්‍රජාශක්ති වැඩසටහන සාර්ථක කර ගැනීමේදී සහ එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමේදි දිස්ත්‍රික් ලේකම්වරුන්ට විශාල කාර්යභාරයක් පැවරී ඇති බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා ප්‍රජාශක්ති වැඩසටහන පුළුල් ජාතික වැඩසටහනක් ලෙස ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අදාළ නව අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන ලෙසද දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටියේ.

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළ නව උපදෙස් පිළිබඳව මෙන්ම විමධ්‍යගත අයවැය වැඩසටහන, දිස්ත්‍රික සංවර්ධන වැඩසටහන්, ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන, වතු ප්‍රජාවගේ යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන, වතු ප්‍රදේශවල ආපදා නිවාස වැඩසටහන්, හදුනාගත් පාසල්, ක්‍රීඩා පාසල්හි පහසුකම් වැඩි කිරීම මෙන්ම අලි මිනිස් ගැටුම කළමනාකරණය සඳහා දිස්ත්‍රික් මට්ටමේ කමිටු පිහිටුවීම සහ විශේෂ අවශ්‍යතා/ ආබාධ සහිත පිරිස් ඉලක්ක කර ගනිමින් දියත් කර ඇති වැඩසටහන් ඇතුළු රජයේ සංවර්ධන වැඩසටහන්හි ප්‍රගතිය සමාලෝචනය කිරීමද මෙහිදී සිදු වුණා.

මෙරට සෞඛ්‍ය, අධ්‍යාපන සහ ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති වැඩසටහන්වල ප්‍රගතිය මෙන්ම වසර 2030 වන විට මෙරට දරිද්‍රතාව අවම කර ගැනීමේ ඉලක්කගත වැඩසටහන සම්බන්ධවද විශේෂ අවධානය යොමු කෙරුණු අතර ජනාධිපති අරමුදලේ කාර්යයන් විමධ්‍යගත කිරීමට අදාළ කටයුතු පිළිබඳවද සාකච්ඡා වුණා.

ඉදිරියේදී රජයේ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය විමසා බැලීමේදී අදාළ රේඛීය අමාත්‍යාංශවල මෙන්ම දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන්ද තොරතුරු ලබා ගැනීම පිළිබඳව මෙම සාකච්ඡාවේදි අවධානය යොමු කෙරුණා.

ග්‍රාමීය සංවර්ධන, සමාජ සුබසාධන හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජනාධිපති උපදේශක (නීති) නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර, ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහනේ ජනාධිපති අතිරේක ලේකම් ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, ජනාධිපති අතිරේක ලේකම් (ආහාර සුරක්ෂිතතා හා ප්‍රතිපත්ති) එන්. වනසිංහ ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-09-05



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51
Video thumbnail
22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජපක්ෂලාගේ නඩු විතරයි ඇහෙන්නේ ?බලය අත හැරුණොත් පරිප්පුව කන්න වෙනවා.
04:56
Video thumbnail
විධායකය විසින් අධිකරණය තමන්ට රුචි පරිදි පවත්වාගෙන යන්න යන්නේ ? චූන් වෙන්න එපා
05:45
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ? බන්ධනාගාරයට ආරක්ෂාව සපයන අයුරු පෙරහුරුවක් කරයි
01:37
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ
00:50
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු
01:13