රිමාන්ඩ් බන්ධනාගාරයේ ” Ɪ ” වාට්ටුවේ ජංගම දුරකථන 23ක්

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ සහ බන්ධනාගාර රෝහලේ සිදු කළ වැටලීමකින් ජංගම දුරකථන සහ මුදල් සොයා ගැනීමට හැකි වූ බව බන්ධනාගාර මූලස්ථානය පවසනවා.

බන්ධනාගාරයේ ‘අයි (I) වාට්ටුව’ පරීක්ෂා කිරීමේදී ජංගම දුරකථන 23 ක් සොයා ගැනීමට හැකි වූ බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව බන්ධනාගාර රෝහලේ 03 වාට්ටුව පරීක්ෂා කිරීමේදී Smart වර්ගයේ ජංගම දුරකථන 02ක් සහ මුදල් රුපියල් 153,000 ක් (එක් ලක්ෂ පනස් තුන් දහසක් ) සොයා ගෙන තිබෙනවා.

එමෙන්ම එම වැටලීමෙන් හෙරොයින් ග්‍රෑම් 07කට අධික ප්‍රමාණයක්ද සොයා ගැනීමට හැකි වූ බවද වාර්තාවනවා.

මෙම ජංගම දුරකථන සහ මුදල් බන්ධනාගාරය තුළට රැගෙන ආ අයුරු සොයා ගැනීමට බන්ධනාගාර මූලස්ථානය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15