ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කර තිබෙනවා.
ලබන වසරේ අග භාගයේ සිට ඕස්ට්‍රේලියාවේ කාර්යබහුල ටෙස්ට් කාලසටහනට සහ 2027 එක්දින ලෝක කුසලානයට ප්‍රමුඛතාවයදීම වෙනුවෙන් ඔහු මෙලෙස විස්සයි විස්ස ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බවයි වර්ත්ය වන්නේ.
35 හැවිරිදි ස්ටාර්ක් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් විස්සයි විස්ස තරග 65ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී බිඳහෙලා ඇති කඩුලු සංඛ්‍යාව 79ක්.
ඔහු අවසන් වරට 2024 කැරිබියන් දූපත්වල පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
3
+1
+1















