බංගලාදේශයට පහසු ජයක්

සංචාරක නෙදර්ලන්තය සහ බංගලාදේශය අතර දෙවන ටී ටුවෙන්ටි තරගයෙන් පහසු ජයග්‍රහණයක් අත් කරගැනීමට බංගලාදේශය සමත් වුණා.

තරගයේ කාසිය වාසිය දිනා ගත් බංගලාදේශ නායක ලිටන් දාස් විසින් තණතිල්ලේ වාසිය ලබා ගැනීමේ අරමුණෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා නෙදර්ලන්තයට අවස්ථාව ලබා දුන්නා.

නායකයාගේ තීරණයට උපරිම සාධාරණයක් ඉටු කරමින් බංගලාදේශ පන්දු යවන්නන් විසින් පන්දුවාර 17යි පන්දු 03ක් තුළ නෙදර්ලන්තයේ සියලුම පිතිකරුවන් ලකුණු 117ක් තුළ දවා ගැනීමට සමත් වුණා.

නසුම් අහමඩ් විසින් ලකුණු 21කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් වූ අතර ටස්කින් අහමඩ් විසින් ලකුණු 22කට කඩුලු 02ක් දවා ගත්තා.

පන්දු යවන්නන් විසින් අත්කර දුන් වාසියේ උපරිම ඵල නෙලාගත් බංගලාදේශ පිතිකරුවන් පන්දුවාර 13කුත් එක් පන්දුවක් පමණක් වැය කරමින් අදාළ ඉලක්කය සපුරා ගනු ලැබුවා.

ටැන්සිඩ් හසන් විසින් පන්දු 39ක් තුළ අර්ධ ශතකයක්ද රැස් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
00:00
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40
Video thumbnail
මරික්කාර් - වටගල පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "මේ බොරු සභාගත කරන ඇමතියෙක්"
01:59
Video thumbnail
ගහේන් වැටුණු ගෙඩි නිසා ප්‍රපාතයට ගිය ලොරි රථය
02:36
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01