චීන ජනපති සහ ඉන්දීය අගමැති අතර හමුවක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින් පිං අතර හමුවක් සිදුව තිබෙනවා.

චීනයේ ටියැන්ජින් හි පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවට සමගාමීව අද (31) දිනයේ රාජ්‍ය නායකයින් දෙදෙනා හමුව ඇති බවයි වාර්තා වුණේ.

ඉන්දියා-චීන සබඳතා “අන්‍යෝන්‍ය විශ්වාසය, ගෞරවය සහ සංවේදීතාව මත පදනම්ව” ඉදිරියට ගෙන යාමට කැපවී සිටින බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී පවසා ඇත්තේ.

එමෙන්ම මෙම සාකච්ඡාවකදී අගමැති මෝදි පැවසුවේ, දේශසීමාවේ විසන්ධි වීමෙන් පසු “සාමයේ සහ ස්ථාවරත්වයේ වාතාවරණයක්” නිර්මාණය වී ඇති බවයි.

එමෙන්ම කයිලාෂ් මන්සරෝවර් යාත්‍රාව නැවත ආරම්භ කිරීම සහ දෙරට අතර සෘජු ගුවන් ගමන් පිළිබඳව ද රාජ්‍ය නායකයින් දෙදෙනා අතර මෙහිදී අවදානය යොමුව තිබෙනවා.

ඉන්දියාව සහ චීනය “මිතුරන් සහ හොඳ අසල්වැසියන්” වීම වැදගත් බවයි චීන ජනාධිපති ෂී ජින් පිං මෙහිදී පවසා ඇත්තේ.

මෙය වසර හතකට පසු අගමැති මෝදිගේ පළමු චීන සංචාරය වන අතර, රුසියානු බොරතෙල් මිලදී ගැනීම සඳහා සියයට 25ක තීරුබදු ඇතුළුව ඉන්දියානු භාණ්ඩ සඳහා සියයට 50ක තීරුබදු පැනවීම හේතුවෙන් ඇති වූ ඉන්දු-ඇමරිකානු සබඳතාවල ආතතිය මධ්‍යයේ මෙම සංචාරය සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
09:57
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24
Video thumbnail
උඹේ පවුලම උස්සනවා බලාගනින් - අනවසර නිවසක් ඉවත්කරන්න යද්දී ඇති වූ උණුසුම් තත්ත්වය
02:10
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17