ඉන්දුනීසියාවම රත් වෙයි – තිදෙනෙක්ට දිවි අහිමි වෙයි

ඉන්දුනීසියානු පාලනාධිකාරියට විරෝධය පාමින් එරට වැසියන් පසුගිය දිනවල අඛණ්ඩ විරෝධතාවයන්ගේ නිරත වුණා.

වෘතිකයන්ගේ වැටුප් අවම මට්ටමක පවතින බව සහ එරට දේශපාලකයන් නඩත්තුව සඳහා අධික මුදලක් වැයවන බව චෝදනා කරමින් විරෝධතාකරුවන් පාලන අධිකාරියට විරුද්ධව නැගී සිටියා.

එම විරෝධතා අතරතුර ජකර්තාහිදී පොලිස් රථ වාහනකට යට වීමෙන් තරුණයෙක් මියයාමේ පුවතක් පසුගිය දා විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පසුව එම තරුණයා ජිවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් විරෝධකරුවන් පොලිසිය වෙතට දැඩි විරෝධතාවයක් පළ කරමින් විරෝධතාවයේ නිරත වූ අතර ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්ටෝ ද එම සිදුවීම සම්බන්ධයෙන් තම ශෝකය පළ කර තිබුණා.

කෙසේ වෙතත් එම මියගිය තරුණයාට යුක්තිය ඉෂ්ඨ කරන ලෙස ඉල්ලමින් එරට ජනතාව දක්වන විරෝධතාවය මේ වන විට දැඩි තීව්‍ර වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

විරෝධතාවයේ නියතු පිරිස් විසින් නැගෙනහිර ඉන්දුනීසියාවේ පිහිටි නගර සභා ගොඩනැගිල්ලකට ගිනි තබා ඇති අතර එම ගිනි ගැනීමෙන් පුද්ගලයන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

ආණ්ඩුව විසින් විරෝධතා නවත්වන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටියත් දිගින් දිගටම ඉන්දුනීසියාවේ විරෝධතා ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56