2025 පිරිමි T20 ආසියානු කුසලාන තරගාවලිය සඳහා වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.
ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මෙම තරගාවලිය සඳහා අද (28) පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කරනු ලැබුවා.
චරිත් අසලංක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නුවනිඳු ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, කමිල් මිෂාර, දසුන් ශානක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න. මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, මතීෂ පතිරණ, නුවන් තුෂාර, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු එම සංචිතය සඳහා ඇතුළත් වී සිටිනවා.
සංචිතයට නම් කළ ද අබාධයකින් සුව වෙමින් සිටින වනිඳු හසරංග ගේ සහභාගීත්වය අවිනිශ්චිත බවත් වෛද්‍ය නිර්දේශය මත ඔහුගේ සහභාගිත්වය තීරණයවනවා.
කෙසේ වෙතත් අද (28) උදෑසන නම් කරන ලද සිම්බාබ්වේ සමඟ විස්සයි විස්ස තරගාවලියේ සංචිතයේ සිටි විෂේන් හැලඹගේ ආසියානු කුසලානය සංචිතයට නම් කර තිබුණේ නැහැ.
2025 ආසියානු කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැප්තැම්බර් 09 වෙනිදා ආරම්භ වීමට නියමිතයි.
මිට පෙර අවසන්වරට පැවති T20 ආසියානු කුසලාන තරගාවලිය ජය ගැනීමට 2022 ශ්‍රී ලංකාව සමත් වුණා.





