පානදුර, අළුබෝගහවත්ත ප්‍රදේශයේ ඊයේ (27) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නිවෙසක සිටි පුද්ගලයෙක් ඉලක්ක කරගෙන යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 55 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර නිලංග නැමති අපරාධ කල්ලි සාමාජිකයාගේ බිරිඳගේ පියා බව වාර්තා වනවා.
පානදුර සලිඳු නැමති අපරාධ කල්ලි සාමාජිකයාගේ මෙහෙයවීම මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට සැකපළ කරනවා.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1





