හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට ඇප ලබාදෙමින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය තවත් නියෝග කිහිපයක් නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව අධිකරණ භූමිය අසලට පිරිස් රැස්කළ අය සොයා විමර්ශනයක් කරන ලෙස ද අධිකරණ කටයුතු වීඩියෝ ගත කළ හා ඡායාරූප ගත කළ පුද්ගලයන් එවා විවිධ මාධ්‍යයන් ඔස්සේ බේදාහැරීමට කටයුතු කළ පුද්ගලයන් සෙයා තවත් විමර්ශනයක් කරන ලෙසද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියා.
ඒ, අනුව විමර්ශන සම්බන්ධයෙන් ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස ද මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දෙනු ලැබුවා.
මේ අතර පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිට අද දින ඇප මත මුදා හැරි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ නීති කෘත්‍ය, එළඹෙන ඔක්තෝබර් 29 වනදා යළි කැඳවනු ලබන බවයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇත්තේ.





