රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නඩුව අද (26) දිනයේ යළි කැඳවීමට නියමිතව තිබෙනවා.
ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ යි.
මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමේ හැකියාව අවිනිශ්චිත බවයි වාර්තා වුණේ.
හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණයට පත්කළ විශේෂඥ වෛද්‍යවරුන් විසින් ඊයේ (25) පස්වරුවේ වෛද්‍ය වාර්තාවක් නිකුත් කළා.
එම වෛද්‍ය වාර්තාවට අනුව ඔහුට තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබාදීම අවශ්‍ය බවයි නිර්දේශ කර ඇත්තේ.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය පසුගිය 22 වනදා නියෝග කළා.
එම නියෝගය රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණ කළ බන්ධනාගාර වෛද්‍යවරුන් ඔහුව බන්ධනාගාර රෝහල යොමු කිරීමට නිර්දේශ කෙරුණා.
අදාළ නිර්දේශ අනුව බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සෙනසුරාදා පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර, එහිදී ඔහුට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා නිර්දේශ කිරීමට වෛද්‍යවරුන් කටයුතු කළා.















