නව පොලිස්පතිවරයා සහ කතානායකවරයා අතර හමුවක්

අභිනව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පසුගියදා (22) පාර්ලිමේන්තුවේ දී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න හමුවුණා.

මෙහිදී කතානායකයා, පොලිස්පතිවරයාට සුභාශිංශන එක්කරමින් පවසා සිටියේ ව්‍යවස්ථාදායක සභාවේ ඒකමතික තීරණයෙන් හා පුර්ණ විනිවිදභාවයකින් යුක්තව පොලිස්පතිවරයාගේ පත්කිරීම සිදුවූ බවයි .

ඊට ප්‍රතිචාර දක්වමින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පැවසුවේ තමන් කිසිදු දේශපාලන බලපෑමකින් තොරව පොලිස්පතිවරයා ලෙස පත්වීම පිළිබඳව සතුටුවන බව හා එය වඩාත් හොඳින් සිය ධුරයේ රාජකාරි කටයුතු සිදුකිරීමට
යහපත් පරිසරයක් නිර්මාණය කරන බවයි.

මෙහිදී මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඉදිරි කටයුතු පිළිබඳව සාකච්චා කෙරුණ අතර රටේ රිය අනතුරු අවම කර ගැනීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබද විශේෂ අවධානය යොමු වුණා.

පොලිස්පතිවරයා පැවසුවේ වඩාත් විනයගරුකව රිය ධාවනය කරන රියදුරන් හඳුනාගෙන ඔවුන් දිරිමත් කිරීම උදෙසා වැඩසටහනක් සංවිධානය කරන ලෙසට කතානායකවරයා පෙර සිදුකළ ඉල්ලීම ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි.

විනයගරුක රියදුරන් එම ස්ථානයේදීම ඇගයීමට ලක්කිරීම මෙම වැඩසටහනෙන් සිදුකිරීමට අපේක්ෂා කෙරෙන බව පොලිස්පතිවරයා පැවසුවා.

මෙහිදී කතානායකවරයා පෙන්වා දුන්නේ රියදුරන් දිරිමත් කිරීම ඔස්සේ වඩාත් විනයගරුක රියදුරන් පිරිසක් නිර්මාණයවන බවත් ඒ ඔස්සේ රිය අනතුරු අවම කරමින් මිනිස් ජිවිත රැකගැනීමට අවස්ථාව උදාවන බවයි.

මෙම වැඩසටහන ඉක්මනින් ක්‍රියාත්මක කිරීමේ වටිනාකම කතානායකවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?