නව පොලිස්පතිවරයා සහ කතානායකවරයා අතර හමුවක්

අභිනව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පසුගියදා (22) පාර්ලිමේන්තුවේ දී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න හමුවුණා.

මෙහිදී කතානායකයා, පොලිස්පතිවරයාට සුභාශිංශන එක්කරමින් පවසා සිටියේ ව්‍යවස්ථාදායක සභාවේ ඒකමතික තීරණයෙන් හා පුර්ණ විනිවිදභාවයකින් යුක්තව පොලිස්පතිවරයාගේ පත්කිරීම සිදුවූ බවයි .

ඊට ප්‍රතිචාර දක්වමින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පැවසුවේ තමන් කිසිදු දේශපාලන බලපෑමකින් තොරව පොලිස්පතිවරයා ලෙස පත්වීම පිළිබඳව සතුටුවන බව හා එය වඩාත් හොඳින් සිය ධුරයේ රාජකාරි කටයුතු සිදුකිරීමට
යහපත් පරිසරයක් නිර්මාණය කරන බවයි.

මෙහිදී මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඉදිරි කටයුතු පිළිබඳව සාකච්චා කෙරුණ අතර රටේ රිය අනතුරු අවම කර ගැනීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබද විශේෂ අවධානය යොමු වුණා.

පොලිස්පතිවරයා පැවසුවේ වඩාත් විනයගරුකව රිය ධාවනය කරන රියදුරන් හඳුනාගෙන ඔවුන් දිරිමත් කිරීම උදෙසා වැඩසටහනක් සංවිධානය කරන ලෙසට කතානායකවරයා පෙර සිදුකළ ඉල්ලීම ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි.

විනයගරුක රියදුරන් එම ස්ථානයේදීම ඇගයීමට ලක්කිරීම මෙම වැඩසටහනෙන් සිදුකිරීමට අපේක්ෂා කෙරෙන බව පොලිස්පතිවරයා පැවසුවා.

මෙහිදී කතානායකවරයා පෙන්වා දුන්නේ රියදුරන් දිරිමත් කිරීම ඔස්සේ වඩාත් විනයගරුක රියදුරන් පිරිසක් නිර්මාණයවන බවත් ඒ ඔස්සේ රිය අනතුරු අවම කරමින් මිනිස් ජිවිත රැකගැනීමට අවස්ථාව උදාවන බවයි.

මෙම වැඩසටහන ඉක්මනින් ක්‍රියාත්මක කිරීමේ වටිනාකම කතානායකවරයා මෙහිදී පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18