රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම හුදෙකලා සිදුවීමක් නෙවෙයි – විපක්ෂ නායක

රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම හුදෙකලා සිදුවීමක් නොව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සඳහා ප්‍රබල අභියෝගයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම තුළ මතුව ඇති දේශපාලනික තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට
පක්ෂ නායක කාර්යාලයේ දී පැවති විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ගේ හමුවේ දී ඔහු මේ බව සඳහන් කළා.

අදාළ අභියෝගයට මුහුණදීම සඳහා විපක්ෂයේ සියලු‍ දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීමේ වැදගත්කම විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ඒ සඳහා විපක්ෂයේ සියලු‍ දේශපාලන පක්ෂ සමඟ කෙටිකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට මෙම සාකච්ඡාව කැඳ වූ බවයි ඔහු මෙහිදී අවධාරණය කළා.

මෙම හමුවේ දී අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සඳහන් කළේ මේ මොහොතේ ප්‍රධාන ප්‍රශ්න දෙකකට පිළිතුරු සෙවිය යුතු බව පෙන්වා දුන්නා.

ඉන් පළමුවැන්න රනිල් වික්‍රමසිංහ නිදහස් කර ගැනීම සඳහා වූ වැඩපිළිවෙළයි.

දෙවැන්න රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට එල්ල වී ඇති අභියෝගය ජයග්‍රහණය කිරීමයි.

ඒ සඳහා සියලු‍ දේශපාලන පක්ෂ සිය දේශපාලන මත පසෙකලා එකමුතු විය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

මේ අවස්ථාවට සහභාගි වූ සියලු‍ම දේශපාලන පක්ෂ නියෝජිතයින් ප්‍රකාශ කළේ විපක්ෂයේ සමස්ත දේශපාලන පක්ෂ ඒ සඳහා එකමුතුව කටයුතු කිරීම වැදගත් බවයි.

රනිල් වික්‍රමසිංහාගේ නඩු කටයුත්ත මෙන්ම ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළට එරෙහිව විපක්ෂය එකමුතුව දිගින් දිගටම ක්‍රියාත්මක වීමේ වැදගත්කම අවධාරණය කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරි කටයුතු සඳහා පක්ෂ ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රියාකාරී කමිටුවක් පත් කිරීමට ද පියවර ගත්තා.

අද රැස්වූ සියලු‍ම පක්ෂ නායකයින් අගෝස්තු 27 වනදා යළිත් විපක්ෂ නායක කාර්යාලයේදී රැස්වීමට ද තීරණය කෙරුණා.

  1. විවිධ වැරැදි සඳහා සිරගත කරන රජයේ විවිධ නිළතල දරන්නන් සිරගත කළ වහ ම රෝගීන් බව ට පත් වන අතර, සිරෙන් නිදහස් ව පැමිණි විගසින් දස්ටි දිස්ටි සහිත ව පෙර ට ත් වඩා හොඳින් කටයුතු කරති. අතක් පයක් හෝ මොළය ම වුව ද විකල් ව සිටියේ නම් නිදහස් වූ වහ ම මුළුමණින් සුව වේ.
    මේ සඳහා ද විපක්ෂ දේශපාලන පක්ෂ එකමුතුව ක දී තීන්දු තීරණ ගතයුතු අතර, ඒ ඒ තරාතිරම් අනුව රඟපෑ යුත්තේ කෙසේදැ යි විෂය නිර්දේශයක් සකස් කළ යුතු අතර එය කැළෑ නීතියෙහි නීතිගත කළ යුතු ය. එවිට වුවමනාව පරිදි ආණ්ඩුවේ එකා ට ද එය පරිශීලනයෙන් තමන් රැඟියැ යුත්තේ කුමන ජවනිකාව ක් දැ යි අධ්‍යයනය කළ හැකි ය.
    තව ද වාසිය ට, තලගොයා කබරගොයා ලෙස හෝ කබරගොයා තලගොයා ලෙස හෝ සැලකීමේ උපායමාර්ගික ශිල්පීය ක්‍රමය වැනි උප්පරවැට්ටි ද විශේෂ කරුණු ලෙස ඉහත විෂය නිර්දේශය ට ඇතුළත් කර බොරුව ට රඟන්නන් ගත කළ යුතු ය. විශේෂයෙන් විපක්ෂ වල සිටින විට මේවා කටපාඩමේ තිබියැ යුතු අතර ආණ්ඩුවේ මගෝඩිපාල ලා මේවා ගැනැ සෙවියැ යුත්තේ බේරෙන්න ට බැරි ගැට වල ට හසුවන විට ය !

  2. සිංහල හා දමිල ජනතාව එලිපිටම සංහාරය කල ඉරාන පලස්තීන පිටුබලය ලබන ලංකාවේ isis අන්තවාදී ත්‍රස්තවාදීන් ගේ පාස්කු බෝම්බයේ “සැබෑ සත්‍ය ” රජය හෙලිදැක්වුව හොත් isis අන්තවාදී ත්‍රස්තවාදී අප්පච්චිගේ රටේ ජනතාවම කෙලිනු ඇත. එවිට රජයට කිසිවක් කීරීමට ඉතුරැ නොවනු ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39