රනිල් හෙට උසාවි යනවා ද නැද්ද යන තීරණය විශේෂඥ වෛද්‍ය මණ්ඩලය සකසන විශේෂ වෛද්‍ය වාර්තාවෙන් පසු

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය මට්ටම මේ වනවිට යම් ස්ථාවර තත්ත්වයක් පෙන්නුම් කරන බව ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ පවසනවා.

අද (25) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩ බලන අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළා.

මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කරනු ලබන විශේෂඥ වෛද්‍ය මණ්ඩලය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විශේෂ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙමින් සිටින බව ද ඔහු මෙහිදී පැවසුවා.

එම වෛද්‍ය වාර්තාවෙන් අනතුරුව හෙට (26) දිනයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අධිකරණ හමුවේ පෙනී සිටීමේ හැකියාවක් තිබේද යන්න පිළිබඳව තීරණය කරන බවයි, ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ සඳහන් කර සිටියේ.

මේ අතර ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (25) දිනයේත් ජාතික රෝහල වෙත පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
1
+1
10
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?