බොරලැස්ගමුව වෙඩි තැබීමේ සිද්ධියට තිදෙනෙක් STF අත්අඩංගුවට

බොරලැස්ගමුව පොලිස් වසමේ මාලනී බුලත්සිංහල මාවතේ දී වෙඩි තබා තරුණයෙක් ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකා කළුබෝවිල කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම සැකකරුවන් තිදෙනා දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19 හා 20 වයස්වල පසුවන අය බවයි වාර්තා වන්නේ.

බොරලැස්ගමුව – මාලනී බුලත්සිංහල මාවතේපා ගමනින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට රතු පැහැති ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණේ ඊයේ (24) අලුයම් කාලයේ දීයි.

මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වුණේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි ගිහාන් දුලාන් පෙරේරා නම් 21 හැවිරිදි තරුණයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුස්ලිම් විවාහ නීතිය වෙනස් වෙයිද ?ඇමති නලින්ද සියල්ල හෙළිකරයි
04:04
Video thumbnail
සංගීත් විජේසූරියට වැඩ වැරදියි.. කළු සල්ලි සුදු කරන්න හදලා..?
03:11
Video thumbnail
නීතිය ක්‍රියාත්මක වෙනකොට අපරාධ කරපු අය කෑගහනවා
03:08
Video thumbnail
කටුනායක අධිවේගී මාර්ගයේ කොටස් හොරු ගලවනවා..ආරක්ෂා කිරීමේ පියවරක් නැද්ද ?
01:34
Video thumbnail
රනිල් උස්සපු රට, අනුර කුමාර ආයේ වැට්ටුවා
05:01
Video thumbnail
පිල්ලෙයාන්ගේ ජීවිතය ගැන අපිට නැති කැක්කුමක් ආණ්ඩුවට ඇතිවෙලා
02:55
Video thumbnail
නලින්ද විපක්ෂයට කට උත්තර නැති වෙන්න අමතයි..විපක්ෂය ඉතුරුවෙලා ඉන්න පාක්ෂිකයින් කුල්මත් කරනවා
05:37
Video thumbnail
සජිත්ගේ නම කිව්වාම සමහර අයට නින්ද යන්නේ නෑ
07:34
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසාද වැඩි ඉන්ධන ප්‍රමාණයක් ආනයනය කරන්නනේ ?..ඇමති නලින්ද හෙළිකරයි
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:49:21