බැට් එකක් සොරාගන්න ආ 14 හැවිරිදි පිරිමි ළමයා 10 හැවිරිදි දැරියක් ඝාතනය කරලා

10 හැවිරිදි දැරියක් ඝාතනය කළ සිදුවීමකට බාලවයස්කරුවෙක් අත්අඩංගුවට ගැනුණු පුවතක් ඉන්දියාවේ හයිද්‍රාබාද්හි කුකට්පල්ලි ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 14ක බලවයස්කරුවෙක් බවයි වාර්තා වන්නේ.

කුකට්පල්ලි ප්‍රදේශයේ නිවසක් තුළ දැරිය ඝාතනය කර දින පහකට පසු සැකකාර බාලවයස්කරුවාව සයිබරාබාද් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සයිබරාබාද් පොලිස් කොමසාරිස්වරයා ඊයේ (23) මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු ආවරණය කර තිබෙනවා.

තම සහෝදරයාගේ ක්‍රිකට් පිත්ත සොරකම් කිරීමට පැමිණ ඇති වයස අවුරුදු 14ක බාලවයස්කරුවා දැරිය විසින් අල්ලාගත් විට, බාලවයස්කරුවා විසින් ඇයට අමානුෂික ලෙස පිහියෙන් ඇන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුගිය අගෝස්තු 18 වනදා දැරිය ඇගේ නිවසේ තනිව සිටියදී ඝාතනය කර ඇති බවට තහවුරු වී තිබෙනවා.

පොලිස් කොමසාරිස්වරයා පැවසුවේ විත්තිකරු පිහිය සහ ඔහුගේ අත් සෝදා, ඇඳුම් මාරු කර, සැකය වළක්වා ගැනීම සඳහා සාමාන්‍ය ලෙස හැසිරීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර බාලවයස්කරුවා මුලින් විමර්ශකයින් නොමඟ යැවීමට උත්සාහ කළ නමුත් අධිකරණ වෛද්‍ය ඉඟි, අවස්ථානුකූල සාක්ෂි සහ අඛණ්ඩ ප්‍රශ්න කිරීම් මගින් අපරාධයට ඔහුගේ සම්බන්ධ බවයි තහවුරු කරගෙන ඇත්තේ.

එමෙන්ම ඔහුගේ සැලැස්ම විස්තර කරන ලද අතින් ලියන ලද සටහනක්, සොරකම් කරන ලද ක්‍රිකට් පිත්ත සහ වරද සිදු වූ අවස්ථාවේ විත්තිකරු ඇඳ සිටි ඇඳුම් ද සොයා ගැනීමට විමර්ශනය සිදුකරන පොලිස් නිලධාරීන්ට හැකිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
2
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44