ගිනි අවියක් සමඟ සැකකරුවෙක් මස්කෙළියෙදී මාට්ටු

මස්කෙළිය, මීලියාකෝට්ටේ ප්‍රදේශයේ එළවලු වගා භූමියක තාවකාලිකව ඉදි කර තිබු වාඩියක තිබී මෙරට නිෂ්පදනය කරන ලද ගිනි අවියක් සමග සැකකරුවෙක් මස්කෙළිය පොලීසිය විසින් ඊයේ (21) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට යොදන පතොරම් 02ක් සහ එස්.ජී. වර්ගයේ ජීව උණ්ඩ 02 ක් ද මේ සමඟ සොයා ගත් බව වාර්තා වනවා.

මස්කෙළිය පොලීසියට ලද තොරතුරක් මත එම වාඩිය පරික්ෂා කිරිමට මෙහෙයුමක් දියත් කළ බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු බිංගිරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක පුද්ගලයෙක්.

මීලියාකෝට්ට රක්ෂිතයේ සැරිසරන ගෝණුන් දඩයම් කිරිමට හෝ වෙනත් අරමුණකින් මෙම ගිනි අවිය සැකකරු සන්තකයේ තිබුණේදැයි සෙවීමට පොලීසිය අංශ කිහිපයක් ඔස්සේ පුළුල් ලෙස විමර්ෂණයක ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?