“එක්ස්ප්‍රස් පර්ල්” නැවේ ගින්න දරුණු අතට, ජලය මත තෙල් පැල්ලමක්.. – කොළඹ අහසත් අඳුරු වෙයි – නවතම ගුවන් දර්ශන පෙළක් එළියට එයි

ගිනි ගැනීමට ලක්ව ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉදිරිපස ඇති වූ ගින්න මේ වනවිට පාලක මැදිරිය පිහිටි නෞකාවේ පසුපස දෙසට ව්‍යාප්ත වෙමින් පවතින බව නාවික හමුදාව පවසනවා.නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව පැවසුවේ මුහුදේ රළු ස්වභාවය මත මේ වනවිට නෞකාව දකුණු පසට මදක් ඇලව පවතින බවයි.

එසේම, කාලගුණික තත්ත්වයේ වෙනස්වීම මත දැඩි වූ සුළං ප්‍රවාහය, ගින්න තවත් වර්ධනය වීමට හේතුවී ඇතැයි ද නාවික හමුදාව පෙන්වා දෙනවා.

ඒ හේතුවෙන් මෙම ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත ප්‍රජාවට එම මුහුදු ප්‍රදේශය මඟ හැර තම ධීවර කටයුතුවල නිරත වන ලෙසටයි නාවික හමුදාව දැනුම් දෙන්නේ.

ගින්න නිවා දැමීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් විභාව් වජ්රා නෞකා ද්විත්වයත්, වෙරලාරක්ෂක බලකායට අයත් ඩ්‍රෝණ යාත්‍රාවක් සහ ටග් යාත්‍රාවක් යොදවා ඇති බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළා.

මේ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටී ඇති බහාලුම් හා කොටස් කොළඹ සිට මීගමුව දක්වා වෙරළ තීරයට පැමිණිය හැකි බැවින් රසායනික ද්‍රව්‍ය ඇතුළත් ඒවා ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසටයි.

එවන් ද්‍රව්‍ය දුටු වහාම පොලීසියට හෝ 117 අංකයට දැනුම් දෙන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දුන්නා.

මේ අතර ගිනිගන්නා නැවේ අලුත්ම ගුවන් දර්ශන පෙන්වා දෙන්නේ එම නැව අවට ජල තලයේ යම් කිසි තෙල් පැල්ලමක් වැනි දෙයක් ඇති බවයි.කෙසේ වෙතත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසුවේ අද උදෑසන සිදුකල ක්ෂේත්‍ර නිරීක්ෂණයේදී බරපතල පරිසර හානියක් නිරීක්ෂණය නොවූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00