ඇමෙරිකාවට එරෙහිව ඉන්දියාව – චීනය සහ රුසියාවට එක මිටට

එක්සත් ජනපදයේ අනතුරු ඇඟවීම් නොතකා රුසියාව ඉන්දියාවට තෙල් සැපයීම දිගටම කරගෙන යාමට අපේක්ෂා කරන බව නවදිල්ලියේ රුසියානු තානාපති කාර්යාල නිලධාරීන් බදාදා ප්‍රකාශ කළා.

රුසියාව ඉන්දියාව සහ චීනය සමඟ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා ඉක්මනින් සිදුවනු ඇතැයි ද ඔවුන් බලාපොරොත්තු පළ කරනවා.

රුසියානු තෙල් මිලදී ගැනීම සඳහා දඬුවමක් ලෙස අගෝස්තු 27 සිට එක්සත් ජනපදයට අපනයනය කරන ඉන්දියානු භාණ්ඩ සඳහා 25% ක අතිරේක තීරුබදුවක් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළා.

ඉන්දියාවේ රුසියානු තානාපති කාර්යාලයේ භාරකාර රෝමන් බබුෂ්කින් මාධ්‍ය හමුවකදී අනාවැකි පල කළේ ට්‍රම්ප්ගේ නවතම තීරුබදු හමුවේ ඔවුන්ගේ “ජාතික අවශ්‍යතා” ජය ගැනීමට ඉන්දියාව සහ රුසියාව නව මාර්ග සොයා ගනු ඇති බවයි.

රුසියාවේ නියෝජ්‍ය වෙළඳ කොමසාරිස් එව්ගනි ග්‍රිවා ඊයේ පැවසුවේ රුසියාවෙන් තෙල් මිලදී ගැනීම ඉන්දියාවට “ඉතා ලාභදායී” බවත්, ඔවුන් තම සැපයුම්කරු වෙනස් කිරීමට කැමති නොවන බවත්ය.

සාමාන්‍යයෙන් රුසියාව ඉන්දියානු ගැනුම්කරුවන්ට 5%-7% ක වට්ටමක් ලබා දෙන බව ඔහු පැවසුවා.

වොෂින්ටනය සහ නවදිල්ලිය අතර ආතතීන් වැඩි වන විට, මේ සතියේ නවදිල්ලිය සහ බීජිං අතර සබඳතා නව තලයකට එසවුණේ චීන විදේශ අමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයත් සමගයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙම මාසයේ අගභාගයේදී වසර හතකට වැඩි කාලයකට පසු පළමු වරට චීනයේ සංචාරය කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සමඟම, “වඩා විශාල යුරේසියානු හවුල්කාරිත්වයක්” ඇති කර ගැනීමට උපකාර කිරීම සඳහා ඉන්දියාව සහ චීනය සමඟ ත්‍රෛපාර්ශ්වික රැස්වීමක් සඳහා දිගුකාලීන සැලසුම් නැවත පණ ගැන්වීම රුසියාවේ උත්සාහයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
26
+1
0
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ගේ නම කිව්වාම සමහර අයට නින්ද යන්නේ නෑ
07:34
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසාද වැඩි ඉන්ධන ප්‍රමාණයක් ආනයනය කරන්නනේ ?..ඇමති නලින්ද හෙළිකරයි
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:49:21
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ නලින්දව අසරණ කරපු ප්‍රශ්නය
11:02
Video thumbnail
රනිල්ට රට භාරදෙන්න - සජිත් අගමැති වෙන්න - නාමල් ඇමතිකමක් ගන්න
07:39
Video thumbnail
චැසි නම්බර් නැති වාහන අදටත් නිෂ්පාදනය වෙලා නෑ..අනිවාර්යෙන් චැසි නම්බර් එකක් තියෙන්න ඕනි
02:43
Video thumbnail
නාමල්ට අවු:45කින්වත් ජනපති වෙන්න වෙන්නේ නෑ.. - තිස්සකුට්ටිට, නිරෝෂන් කට උත්තර නැතිවෙන්න අමතයි
06:17
Video thumbnail
ටිල්වින් - අනුර - හරිනි සාපෙන් රට බේරාගන්න ඕනේ
05:52
Video thumbnail
නාමල්ව හිරේ දාලා චූන් ගන්න එන්න එපා - අපි සෙනඟ පිටින් එනවා
03:25
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි..සිරුර දැක්ක මිනිස්සු හඬා වැටෙයි
01:14