ඇමෙරිකාවට එරෙහිව ඉන්දියාව – චීනය සහ රුසියාවට එක මිටට

එක්සත් ජනපදයේ අනතුරු ඇඟවීම් නොතකා රුසියාව ඉන්දියාවට තෙල් සැපයීම දිගටම කරගෙන යාමට අපේක්ෂා කරන බව නවදිල්ලියේ රුසියානු තානාපති කාර්යාල නිලධාරීන් බදාදා ප්‍රකාශ කළා.

රුසියාව ඉන්දියාව සහ චීනය සමඟ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා ඉක්මනින් සිදුවනු ඇතැයි ද ඔවුන් බලාපොරොත්තු පළ කරනවා.

රුසියානු තෙල් මිලදී ගැනීම සඳහා දඬුවමක් ලෙස අගෝස්තු 27 සිට එක්සත් ජනපදයට අපනයනය කරන ඉන්දියානු භාණ්ඩ සඳහා 25% ක අතිරේක තීරුබදුවක් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළා.

ඉන්දියාවේ රුසියානු තානාපති කාර්යාලයේ භාරකාර රෝමන් බබුෂ්කින් මාධ්‍ය හමුවකදී අනාවැකි පල කළේ ට්‍රම්ප්ගේ නවතම තීරුබදු හමුවේ ඔවුන්ගේ “ජාතික අවශ්‍යතා” ජය ගැනීමට ඉන්දියාව සහ රුසියාව නව මාර්ග සොයා ගනු ඇති බවයි.

රුසියාවේ නියෝජ්‍ය වෙළඳ කොමසාරිස් එව්ගනි ග්‍රිවා ඊයේ පැවසුවේ රුසියාවෙන් තෙල් මිලදී ගැනීම ඉන්දියාවට “ඉතා ලාභදායී” බවත්, ඔවුන් තම සැපයුම්කරු වෙනස් කිරීමට කැමති නොවන බවත්ය.

සාමාන්‍යයෙන් රුසියාව ඉන්දියානු ගැනුම්කරුවන්ට 5%-7% ක වට්ටමක් ලබා දෙන බව ඔහු පැවසුවා.

වොෂින්ටනය සහ නවදිල්ලිය අතර ආතතීන් වැඩි වන විට, මේ සතියේ නවදිල්ලිය සහ බීජිං අතර සබඳතා නව තලයකට එසවුණේ චීන විදේශ අමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයත් සමගයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙම මාසයේ අගභාගයේදී වසර හතකට වැඩි කාලයකට පසු පළමු වරට චීනයේ සංචාරය කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සමඟම, “වඩා විශාල යුරේසියානු හවුල්කාරිත්වයක්” ඇති කර ගැනීමට උපකාර කිරීම සඳහා ඉන්දියාව සහ චීනය සමඟ ත්‍රෛපාර්ශ්වික රැස්වීමක් සඳහා දිගුකාලීන සැලසුම් නැවත පණ ගැන්වීම රුසියාවේ උත්සාහයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
26
+1
0
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?