හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් තවත් පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණයට

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතේ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවත් එම වගන්ති අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් තුනක් ඉදිරිපත් කරනවා.

මෙම පෙත්සම් සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද පතිරණ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ, නාවික හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී එස්.එම්. විජේවික්‍රම යන අය විසින් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ පෙත්සම් වල වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.

මෙම පෙත්සම් මගින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ 01 සිට 04 දක්වා වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන බලය බෙදීමේ සිද්ධාන්තය උල්ලංඝනය වීමක් සිදුවන බවයි.

ඊට අමතරව අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති එකකින් වූ කීපයකින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති ස්වෛරී භාවය සහ ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් සිදුවන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.

සමස්තයක් වශයෙන් ගත් කළ යෝජිත පනත් කෙටුම්පතේ වගන්ති වලින් සමස්ථ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික හරයන් උල්ලංඝනය වීමක් සිදුවන බවද පෙත්සම්කරුවෝ පවසා සිටිති. ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන 1, 3, 4 වන ව්‍යවස්ථාවන් සහ 12(1) ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් සඳහන් කර ඇත.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

අදාල පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා සහ තවත් පුරවැසියන් දෙදෙනෙකු විසින් පෙත්සම් තුනක් ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17
Video thumbnail
රාජපක්ෂලා වැරදි කරලා නම් ම#රණ දඬුවම් දුන්නත් කමක් නෑ
05:29
Video thumbnail
රට පුරා ප්‍රදේශ රැසකට අදත් තද වැසි
03:03
Video thumbnail
ප්‍රසිද්ධ පාසලක මත් ජාවාරම් කරන ගුරුවරු, විදුහල්පතිතුමියව එළවන්න හදනවා
05:42