වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබද අපැහැදිලිතාවයක් පවතින බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය පවසනවා.
අද (20) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් මේ පිළිබද සඳහන් කරා.
” ජාතික ජනබල වේගය අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරනවා කියලා රට වටා ගිහිල්ලා ප්‍රසන්ටේජ් කරනවා. අපි ඉල්ලන්නේ මේ ප්‍රතිසංස්කරණයේ පිළිගත හැකි ලියවිල්ලක්. මේ ගේන්න හදන්නේ ගෝඨාභය ගේන්න ගියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමය, ගෝඨාභය ගේන්න ගිය ප්‍රතිසංස්කරණ ඒ ගැටළු තියෙනවා කියලා මිට කලින් ඔප්පු වෙලා තියෙනවා. ලබන 22 වැනිදා මොඩියුලය මොකක්ද කියලා පැහැදිලි කරන්න එන්න කියනවා. ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංවිධානය හැටියට අපි ඒකට සහභාගී වෙන්නෙ නෑ..” වැඩිදුරටත් අදහස් පළ කරමින් එම සංවිධානයේ කැඳවුම්කරු ජෝසප් ස්ටාලින් පවසා සිටියා.
එමෙන්ම විශ්ව විද්‍යාල අනධ්‍යන වෘත්තිය සමිති විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය පිළිබද අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ සාධාරණ ගැටළු සඳහා විසඳුම් නොමැති නිසාවෙන් සිදු කරනු ලබන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට සහය පළ කරන බව සහ එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ග සඳහා රජය විසින් අත්තනෝමතික ක්‍රියාමාර්ග ගන්න බවත් ඒ සඳහා විරෝධය පළ කරන බවත්ය.





