ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලබන 25 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කළා.
ඒ, සැකකරු අද (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.
රුපියල් 40,000ක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියකට සැකකාර ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබුණා.
සැකකාර ස්ථානාධිපතිවරයා අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කර සිටි අතර, ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා, සැකකරුගේ දියණිය මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින බැවින් ඔහුව ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර සිටියා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අවසන් නොමැතිවීම බව පෙන්වා දෙමින් අල්ලස් කොමිසමේ නිලධරීන් සිදුකළ කරුණු දැක්වීම සැලකිල්ලට ගෙන ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටයි අධිකරණය මෙලෙස නියෝග කළේ.





