මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් නව පොලිස්පතිවරයාට ඉල්ලීමක් (වීඩියෝ)

රට තුළ පවතින අපරාධවල සහ මත්ද්‍රව්‍ය ව්‍යාප්තියේ වර්ධනයක් පවතින බවත්, ඒ පිළිබඳව යම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස
මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගෙන් ඉල්ලා තිබෙනවා.

පොලිස්පති ධුරයට පත්වීමෙන් අනතුරුව නව පොලිස්පතිවරයා මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමට අද (17) මහනුවරට ගිය අවස්ථාවේ මේ බව පවසා තිබෙනවා.

අපරාධ මර්ධනය සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි නව පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

පොලිස්පතිවරයා සඳහන් කළේ මෙම අපරාධ මැඩලීමට ත්‍රිවිධ හමුදාව සහ මහජනතාවගෙන් ද සහාය ලබා ගනිමින් කටයුතු කරන බවයි.

මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ තම තනතුරේ රාජකාරි ඉටු කිරීමට යහපත් හා නිදහස් දේශපාලන පරිසරයක් නිර්මාණය වී ඇති බවයි.

මේ අවස්ථාවේ මෙම දේශපාලන පරිසරය තුළ ශ්‍රී ලංකා පොලිසියට රාජකාරී ඉටු කිරීමට නොහැකි නම් එය පොලිසියේ දුර්වලතාවක් බවයි පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම මේ වනවිට ශ්‍රී ලංකා පොලිසියේ තිස්දහසක නිලධාරී හිඟයක් පවතින බව ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබයේ පිරිසක් ජනපතිට හොඳවයින් අමතයි
04:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56