ගුවන්තොටුපොළ ආරක්ෂකයාගේ නිවසේ ආයුධ ගබඩාවක්

ලද තොරතුරක් මත මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මිනුවන්ගොඩ රෝහල ආසන්න ප්‍රදේශයේ නිවසක් අද (15) උදෑසන පරීක්ෂා කර තිබෙනවා.

එම පරීක්ෂා කිරීමේ දී නිවසේ සඟවා තිබ ආයුධ හා පතොරම් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

මෙහිදී ටී – 56 ගිනි අවියක්, ටී – 56 මැගසින් එකක්, ටී – 56 පතොරම් 14ක්, පිස්තෝල අවි 01ක් සහ එම මැගසින් 01ක්, 2.5 mm පතොරම් 09ක්, 9 mm පතොරම් 09,(පිස්තොල හා රිවෝල්වර වර්ගයේ) ගිනි අවි ආකෘති 02, කඩු 03ක් මෙන්ම කිනිසි 02ක් පොලිසිය සොයාගත් ආයුධ අතරට අයත්.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආරක්ෂකයෙකු ලෙස සේවය කරන අයෙක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

මිනුවන්ගොඩ පොලිස් ස්ථානය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිට උපදෙස් දෙන ජේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද ?නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
02:06
Video thumbnail
ත්‍රිකුණාමලයේ මුවන් උද්‍යානයට සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙයි - බලන්න එන අය ගොඩක් සතුටු වෙනවා
02:08
Video thumbnail
ජන මතය බොඳ කිරීමේ අදහසක් විපක්ෂය කරන්නේ - විපක්ෂයට හොඳම එකෙන් දෙසයි
03:45
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ? - වාසනා කරපු සමච්චලය පාඨලීටත් හිනා..
00:46
Video thumbnail
නඩු වේගෙන් අහනකොට සමහර බඩු බයවෙලා - ඇමතිලා එදා සැපට හිටිය බංගලා අධිකරණයට දුන්නා
07:06
Video thumbnail
සමෘද්ධි පරිගණක සහකාරවරුන් වෙනුවෙන් සජිත් කට අරියි - රැකියා අහිමිවෙලා නෙවෙයි අහිමි කරලා
01:52
Video thumbnail
පාන්දරම අලි ඇවිත් නිවසක් ෆ්ලැට් කරලා ගිහින් - තනියා ආවේ බොහොම කරදරයක්
02:40
Video thumbnail
අපි දේශපාලනය ගත්තේ වැජඹෙන්න නෙවෙයි - වාසි ගන්න ඇවිත් නෑ..කලින් ආණ්ඩු හැදුවේ එයාලගේ දේවල් කරගන්න
02:00
Video thumbnail
නලින්ද ඉදිරියේ නාමල් ආගම ගැන කිව්ව දේ - මොන දේශපාලන පක්ෂ තිබ්බත් රටේ ආගම ආරක්ෂා කළ යුතුයි
03:38
Video thumbnail
අපි මේ මුළු පද්ධතියම වෙනස් කරන්න වැඩ කරන්නේ - නීතිඥ සංගමය ඔවුන්ගේ ස්ථාවරය කිව්වා
02:20