ගුවන්තොටුපොළ ආරක්ෂකයාගේ නිවසේ ආයුධ ගබඩාවක්

ලද තොරතුරක් මත මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මිනුවන්ගොඩ රෝහල ආසන්න ප්‍රදේශයේ නිවසක් අද (15) උදෑසන පරීක්ෂා කර තිබෙනවා.

එම පරීක්ෂා කිරීමේ දී නිවසේ සඟවා තිබ ආයුධ හා පතොරම් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

මෙහිදී ටී – 56 ගිනි අවියක්, ටී – 56 මැගසින් එකක්, ටී – 56 පතොරම් 14ක්, පිස්තෝල අවි 01ක් සහ එම මැගසින් 01ක්, 2.5 mm පතොරම් 09ක්, 9 mm පතොරම් 09,(පිස්තොල හා රිවෝල්වර වර්ගයේ) ගිනි අවි ආකෘති 02, කඩු 03ක් මෙන්ම කිනිසි 02ක් පොලිසිය සොයාගත් ආයුධ අතරට අයත්.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආරක්ෂකයෙකු ලෙස සේවය කරන අයෙක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

මිනුවන්ගොඩ පොලිස් ස්ථානය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
7
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?