අගෝස්තු මාසය ජාතික මව්කිරි දීමේ මාසය ලෙස නම්කෙරේ

ජාතික මව්කිරි දීමේ මාසය ලෙස අගෝස්තු මාසය නම් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මෙම විශේෂ මාසය වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය සහ උපදේශන වැඩමුළුව පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වොටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත් වුණා.

ජාත්‍යන්තර මව්කිරි දීමේ සතිය ලෙස සෑම වර්ෂයකම අගෝස්තු මස 1 සිට 7 දක්වා ප්‍රකාශයට පත්කර ඇති අතර එම සතියට සමාගාමීව මෙම මාසය ප්‍රකාශයට පත්කරීමට පියවර ගැණුණා.

මව්කිරි දීමේ වැදගත්කම, එම මාසය තුළ සිදුකරන ක්‍රියාකාරකම්, දැනුම හුවමාරු කර ගැනීම, පසුගිය වර්ෂයේ සිදුකළ කාර්යන් පිළිබඳව කතිකා කිරීම, මව්කිරිදීම පිළිබඳව දස පිළිවෙතට අදාළව තම කාර්ය සාර්ථකව ඉටුකළ සෞඛ්‍ය වෘත්තිකයන් ඇගයීම, මෙන්ම තවත් වැඩසටහන් රාශියක් ඇතුළත් ව මෙම ජාතික සැමරුම් උත්සවය සහ උපදේශන වැඩමුළුව පැවැත් වුණා.

මෙහි දී අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මව්කිරි දීම ළදරුවාගේ මෙන්ම මවගේ ද සෞඛ්‍යට ඉතා වැදගත්වන වන බවත්, දරුවා සහ මව අතර ආත්මීය බැදීම තව තවත් ශක්තිමත් කිරීමටත් මව්කිරි දීම බෙහෙවින් ඉවහල්වන බව අවධාරණය කර සිටියා.

එමෙන්ම මව්කිරි මගින් ළදරුවන්ට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හා ප්‍රතිදේහ ලැබෙන අතර එමගින් ඔවුන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් වී කෙටිකාලීන සහ දිගු කාලීන විවිධ රෝග පිළිබද අවධානම අඩුවන බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නා.

ගුණාත්මක, ප්‍රශස්ත මව්කිරි දීමේ පිළිවත් අනුගමනය කිරීම පිළිබදව ජාත්‍යන්තර වශයෙන් ඉහළම කාර්ය සාධනයක් ඇති රටක් ලෙස අපරට ජාත්‍යන්තරව පිළිගෙන ඇති බවත්, එම පිළිගැනීමට හිමි ගෞරවය මෙරට සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හිමිවිය යුතු බව ද පැවසූ අමාත්‍යවරයා එය දශක ගණනාවක ප්‍රතිපලයක් බව ද සිහිපත් කර සිටියා.

මව්කිරි දීම සෞඛ්‍ය පණිවිඩයක් පමණක් නොව ප්‍රජාව තුළ සමාජ වටිනාකමක් ලබාදෙන පණිවිඩයක් බවට පත් කිරීමට කටයුතු කළ යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ පිළිබදව මෙරට සියලු ප්‍රජාව, මාධ්‍ය ඇතුළු වගකීම් දරණ සියලු දෙනා එක්ව කැපවීමක් සහිත වූ සම්බන්ධීකරණයක් අවශ්‍ය වන කාර්යයක් බව පැවසුවා.

මේ සඳහා අවශ්‍ය වන සියලු සහාය සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස ලබා දෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මාතෘ නිවාඩු හිමිකම් සහ මව්කිරි දීමේ නිර්දේශ අතර යම් පරතරයක් පවතින බව ද මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා මෙරට තුළ මව් කිරි දීම ප්‍රවර්ධනය කිරීම සදහා අවශ්‍ය වන වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛත්වයෙන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද වැඩිදුරටත් පෙන්වා දුන්නා.

  1. සිංහල හා දමිල ජනතාව වර්ධනය වේගය වැඩි කීරීම ට තරැණ පරපුර උනන්දු කරමු. රට සුරක්ෂිත කරමු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04