අපරාධකරුවන්ට යළි දේශපාලන රැකවරණය නැහැ – වැඩ භාරගත් පසු පොලිස්පති කී කතාව (වීඩියෝ)

මේ රට තුළ ජීවත්වීමට නොහැකි, තමන්ගේ නියම නමින් පෙනී සිටීමට නොහැකි නිවට ජාවාරම්කාර අපරාධකරුවන් පිරිසක් විදේශ ගතව අපරාධ මෙහෙයවන බව නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

පොලිස්පති ධුරයේ අද (14) දිනයේ වැඩභාර ගැනීමෙන් අනතුරුව පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මේ බව සඳහන් කළා.

මේ අතර මීට පෙර එම අපරාධකරුවන්ට හිමි වූ දේශපාලන රැකවරණය මේ වනවිට හිමි නොවන බවයි පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් ඔවුන් මේ වන විට රට තුළ සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්, ත්‍රිවිධ හමුදාවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ඇතැම් පොලිස් නිලධාරීන් පාවිච්චි කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මීට පෙර අපරාධකරුවන්ට දේශපාලන රැකවරණය ලබාදුන් පුද්ගලයින් ඍජුව සහ වක්‍රව අපරාධකරුවන් සමඟ සබඳතා පවත්වන බවට කරුණු අනාවරණය කරගෙන ඇති බවත් ඔහු පැවසුවා.

ඔවුන් වෙනුවෙන් අදාළ නීතිමය කටයුතු ඉදිරියේ දී ගනු ලබන බවයි ඔහු මෙහිදී පැවසුවේ.

මේ අතර මේ වන විට අවි ආයුධ සෑහෙන ප්‍රමාණයක් සංසරණය වන බවත්, එම ආයුධ අතර ත්‍රිවිධ හමුදාවෙන්, පොලිස්සියෙන් සහ එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් බැහැර වූ ආයුධ පවතින බවයි පොලිස්පතිවරයා සඳහන් කළේ.

එලෙස පොලිසියෙන් බැහැර වූ ආයුධ පිළිබඳව විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?