අපරාධකරුවන්ට යළි දේශපාලන රැකවරණය නැහැ – වැඩ භාරගත් පසු පොලිස්පති කී කතාව (වීඩියෝ)

මේ රට තුළ ජීවත්වීමට නොහැකි, තමන්ගේ නියම නමින් පෙනී සිටීමට නොහැකි නිවට ජාවාරම්කාර අපරාධකරුවන් පිරිසක් විදේශ ගතව අපරාධ මෙහෙයවන බව නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

පොලිස්පති ධුරයේ අද (14) දිනයේ වැඩභාර ගැනීමෙන් අනතුරුව පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මේ බව සඳහන් කළා.

මේ අතර මීට පෙර එම අපරාධකරුවන්ට හිමි වූ දේශපාලන රැකවරණය මේ වනවිට හිමි නොවන බවයි පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් ඔවුන් මේ වන විට රට තුළ සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්, ත්‍රිවිධ හමුදාවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ඇතැම් පොලිස් නිලධාරීන් පාවිච්චි කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මීට පෙර අපරාධකරුවන්ට දේශපාලන රැකවරණය ලබාදුන් පුද්ගලයින් ඍජුව සහ වක්‍රව අපරාධකරුවන් සමඟ සබඳතා පවත්වන බවට කරුණු අනාවරණය කරගෙන ඇති බවත් ඔහු පැවසුවා.

ඔවුන් වෙනුවෙන් අදාළ නීතිමය කටයුතු ඉදිරියේ දී ගනු ලබන බවයි ඔහු මෙහිදී පැවසුවේ.

මේ අතර මේ වන විට අවි ආයුධ සෑහෙන ප්‍රමාණයක් සංසරණය වන බවත්, එම ආයුධ අතර ත්‍රිවිධ හමුදාවෙන්, පොලිස්සියෙන් සහ එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් බැහැර වූ ආයුධ පවතින බවයි පොලිස්පතිවරයා සඳහන් කළේ.

එලෙස පොලිසියෙන් බැහැර වූ ආයුධ පිළිබඳව විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30