2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (11) පෙරවරුවේ පැවැත් වුණා.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර පිළිබඳව වෙන් වෙන්ව මෙහිදී නිලධාරීන් සමඟ සාකච්ඡා කළ ජනාධිපතිවරයා රජය සතු ඉඩම්වල පවතින ව්‍යාකූලතා කඩිනමින් නිරවුල් කර ගනිමින් දත්ත පද්ධතියක් සකස් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නා.

ඉදිරි අයවැය සැලසුම් කිරීමේදී පවත්නා තත්වයෙන් රට ඉහළට ඔසවා තැබීම සඳහා වැදගත් වන අංශයන්ට ප්‍රමුඛතාව දීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක ඒ අනුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර පුළුල් ලෙස ආර්ථිකයට දායක කර ගැනීමේ ව්‍යාපෘති කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නා.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කරන සහ ග්‍රාමීය ජනතාව ආර්ථිකයට ඒකාබද්ධ කරන රජයේ ප්‍රධාන වැඩපිළිවෙළ බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

එමෙන්ම දේශීය කිරි නිෂ්පාදනය හා සත්ව ගොවිපොළ යන ක්ෂේත්‍ර කර්මාන්ත ලෙස සංවර්ධනය කිරීම සඳහා මෙවර අයවැයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසද ජනාධිපතිවරයා විසින් මෙහිදී නිලධාරීන්ට දැනුම් දුන්නා.

ව්‍යාපෘති සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබාදීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, අදාළ ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාව වෙත ගලා යන්නේ ද යන්න විමසා බලා ඒ සදහා අවශ්‍ය යාන්ත්‍රණය බල ගැන්විය යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන අය සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පදමට බීලා තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක්කළ OIC අත්අඩංගුවට - මෝටර් රථයෙන් පලා යමින් ඉදලා
01:12
Video thumbnail
"කෙළින් හිටගන්නවත් බැරි තරම් බීපු පොලිස් පරීක්ෂවරයා, තරුණියන් දෙදෙනෙක් අනතුරට ලක්කර පැනලා ගිහින්"
00:55
Video thumbnail
නානා මේ... අරක මේක මට කියන්න එන්න එපා හරිද..? සඳුදා උසාවි යන්න බලාගෙන ඉන්න..
01:38
Video thumbnail
ෆ්‍රරයිඩ් රයිස් හදන්න බඩු ගේන්න ගිහින් යළි නොආ සිව්දරු මව "හිනාවෙලා අපේ හිනාවත් අරගෙන එයා ගියා"
03:54
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවෝ මහ ජන ගඟක් හෝමාගමට එයි - "අනාගත නායකයට..ජයවේවා !"
01:06
Video thumbnail
යුවතියෝ ජන ගඟක් පේලි ගැසෙමින් නාමල් රාජපක්ෂ බලන්න හෝමාගමට...
00:51
Video thumbnail
ඩෙංගු නිසා ගමක් යකා නටයි කොළොන්නාවේ උණුසුම් තත්ත්වයක් - අවු:15ක් තිස්සේ..ඔයාලා චණ්ඩිකම් දානවා
07:59
Video thumbnail
පොලිස් නිලධාරීන්ගේ මේ හැසිරීම් අනුමත කළ හැකිද..?
02:47
Video thumbnail
ජාත්‍යන්තරය ජයගත් මහේන්ද්‍ර පෙරේරා සතුට වචනවලට පෙරලුව අයුරු - OMG..Super Amazing Feeling..
02:15
Video thumbnail
"අපේ දුක දැක්කේ සජිත් මහත්තයා විතරයි" - තරුණයෙක් සහ තරුණියක් සජිත්ට දුන්නු ක්‍රෙඩිට් එක..
01:02