Update – තුර්කියේ ප්‍රබල භූකම්පනයක් (ඡායාරූප)

වයඹ දිග තුර්කියේ බාලිකෙසීර් පළාතේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.

මෙම භූකම්පනය රික්ටර් මාපක 6.1ක ප්‍රබලතත්වයක් ගෙන තිබූ බවයි තුර්කි ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ.

එරට වේලාවෙන් ඊයේ (10) රාත්‍රී 7:50ට පමණ මෙම භූකම්පනය සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය වූ සින්ඩිර්ගි නගරයේ සුන්බුන් අතරින් ගොඩගත් 81 හැවිරිදි කාන්තාවක් ටික වේලාවකට පසු මිය ගිය බවයි තුර්කියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැවසුවේ.

භූකම්පන හේතුවෙන් ගොඩනැගිලි 16ක් කඩා වැටී ඇති අතර, පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පීඩාවට පත්ව සිටින සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් ප්‍රකාශයක් නිකුත් කළ ඇති අතර, සියලු ප්‍රතිසාධන කටයුතු සමීපව නිරීක්ෂණය කරන බවයි ඔහු පැවසුවේ.

10int turkey quake gmtj articleLarge
GyAiSjBXsAERJzn


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27