Update – තුර්කියේ ප්‍රබල භූකම්පනයක් (ඡායාරූප)

වයඹ දිග තුර්කියේ බාලිකෙසීර් පළාතේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.

මෙම භූකම්පනය රික්ටර් මාපක 6.1ක ප්‍රබලතත්වයක් ගෙන තිබූ බවයි තුර්කි ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ.

එරට වේලාවෙන් ඊයේ (10) රාත්‍රී 7:50ට පමණ මෙම භූකම්පනය සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය වූ සින්ඩිර්ගි නගරයේ සුන්බුන් අතරින් ගොඩගත් 81 හැවිරිදි කාන්තාවක් ටික වේලාවකට පසු මිය ගිය බවයි තුර්කියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැවසුවේ.

භූකම්පන හේතුවෙන් ගොඩනැගිලි 16ක් කඩා වැටී ඇති අතර, පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පීඩාවට පත්ව සිටින සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් ප්‍රකාශයක් නිකුත් කළ ඇති අතර, සියලු ප්‍රතිසාධන කටයුතු සමීපව නිරීක්ෂණය කරන බවයි ඔහු පැවසුවේ.

10int turkey quake gmtj articleLarge
GyAiSjBXsAERJzn
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
4
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?