ජ’පුර රෝහලේ දොස්තර මහේෂිගේ දුවට රට යන්න අවසර

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මේ විට ඇප මත මුදාහැර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහල් විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය වන හේමාලි විජේරත්න නමැත්තියට අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (07) අවසර ලබා දුන්නා.

විදේශ ගත වී යළි දිවයිනට පැමිණීමෙන් පසුව අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් සැකකාරියට නියම කළා.

තම සේවාදායිකාව මේ මස 13 වනදා අධ්‍යාපන කටයුතු සඳහා විදේශගතවීමට නියමිතව තිබෙන හෙයින් ඇයට විදේශගත වීමට අවස්ථාව ලබාදෙන ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එම ඉල්ලීමට අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටින නිලධාරින් විරෝධය පළ කළේ නෑ.

කෙසේ වෙතත් ඇය විදේශගතව පැමිණීමෙන් පසුව ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බවත් එම නිලධාරීන් දැනුම් දුන්නා.

ඒ, අනුව අදළ සැකකාරියට විදේශගත වීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය මේ මස 27 වැනිදා කැඳවීමට තිබූ අදාළ නඩුව දෙසැම්බර් මස 09 වනදා දක්වා කල් තැබීමටද නියම කළා.

එදින සැකකාරියට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කරනවාද ? නැද්ද ? යන්න අධිකරණයට දැනුම් දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් අල්ලස් කොමිසමට නියම කර සිටියා.

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටීමට සූදානම් බව ඇය පසුගියදා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36