කෝපා කමිටුවේ අලුත් සභාපති තෝරාගැනීම සැප්තැම්බරයේ

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ විශේෂ රැස්වීමක් එළඹෙන සැප්තැම්බර් 12 වනදා පැවැත්වෙන බව කතානායක ජගත් වික්‍රමරත්න අද (07) පාර්ලිමේන්තුවේ දී දැනුම් දුන්නා.

එම කාරක සභාවට නව සභාපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් මෙම විශේෂ රැස්වීම පැවැත්වෙන බවයි කතානායකවරයා සඳහන් කළේ.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් ඊයේ (06) එම තනතුරින් ඉල්ලා අස්වුණා.

කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීම එකඟතාවය පළ කර ඇති බැවින් මන්ත්‍රී අරවින්ද සෙනරත් මෙලෙස එම තනතුරින් ඉල්ලා අස් වූ බවටයි වාර්තා වුණේ.

ඒ, අනුව මේ වනවිට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය පුරප්පාඩුව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?