මහරගම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජාතික රෝහලට මාරුකර යැවේ

මහරගම, නාවින්න ප්‍රදේශයේ දී ඊයේ (06) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබුණා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ දේශාන් කුමාර නැමැති කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි වාර්තා වුණේ.

ඊයේ (07) රාත්‍රියේ 9.40ට පමණ යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?