කහවත්ත තරුණයා ඝාතනයේ සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට

කහවත්ත ප්‍රදේශයේ දී තරුණයෙක් දණගස්වා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් 05 දෙනා අද (05) පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවා.

ඔවුන් පස්දෙනාම එකවර අධිකරණය හමුවට ඉදිරිපත් කරන පළමු අවස්ථාව මෙය වනවා.

මේ අතර මෙම සැකකරුවන් තිදෙනෙකු අද (05) හදුනාගැනිමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.

සැකකරුවන් අධිකරණය රැගෙන එම හේතුවෙන් අධිකරණය අවට විශේෂ ආරක්ෂාවක් ද යොදවා තිබූ බවයි ‘දසත නිවුස්’ කහවත්ත වාර්තාකරු සඳහන් කළේ.

කහවත්ත, යාඉන්න, කොස්කෑල්ල ප්‍රදේශයේ දී පසුගිය ජුනි මස 30 වනදා රාත්‍රියේ මෙම ඝාතනය සිදුව තිබුණා.

ඉමන්ත සුරංජන නම් 22 හැවිරිදි තරුණයා නිවසේ සිටිය දී පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කර ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01