වාර්තා පිට වාර්තා තබන දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාමේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රුපියල් බිලියන 7.4 ක විකුණුම් ආදායමක් සටහන් කරමින් මෙරට දේපළ වෙළදාම් සමාගමක් විසින් සිදුකළ වැඩිම විකුණුම් අදායම සටහන් කර තිබෙනවා.

මෙයට ආයතනයේ නවතම ව්‍යාපෘතිය වන ‘Pentara Residencies – Thummulla Handiya ’ ව්‍යාපෘතියේ ඇති සාර්ථකත්වය මෙම ජයග්‍රහණයට ඉවහල් වුණා.

මෙය Home Lands වෙළඳ නාමයේ ශක්තියට පමණක් නොව, දේශීය විදේශීය පාරිභෝගිකයන් විසින් Home Lands මත තැබූ විශ්වාසය සඳහා ද මෙය ජයග්‍රහණයක් වනවා.

2025 ජූනි මාසයේ මෙය සටහන් වූයේ ශ්‍රී ලංකාවේ දේපල වෙළදාමේ නව ආදායම් වාර්තාවක් ලෙසයි.

එමෙන්ම, Home Lands ආයතනය 2025 මුල් භාගය තුළදී රුපියල් බිලියන 25 ක විකුණුම් ආදායමක් ලබා ඇති අතර, එය 2024දී ලෑබූ වාර්ෂික ආදායම වන රුපියල් බිලියන 31න් 80%කට වැඩි ප්‍රමාණයක්.

මේ අනුව මෙම වර්ෂයේ අවසානය වනවිට පසුගිය වර්ෂවල වාර්තා සියල්ල අභිබවා යා හැකිබව ඔවුන් පවසා සිටිනවා.

වසර 20කට වඩා වැඩි කාලයක් දේපළ වෙළදාම් ක්ෂේත්‍රයට කැපී පෙනෙන ගුණාත්මක සේවාවන් ලබා දී ඇති Home Lands විශ්වාසය, නවෝත්පාදන හා උසස් ප්‍රමිතීන් රැකගනිමින්, ශ්‍රී ලංකාවේ දේපළ වෙළදාම් ක්ෂේත්‍රය නැවුම් මාවතකට ඔවුන් ගෙන යමින් සිටිනවා.

Home Lands සමඟම ගුණාත්මක ව්‍යාපෘති ලබාදීමෙන් පමණක් නොව එහි පාරදෘශ්‍යභාවය සහ පාරිභෝගිකයා මූලික කරගත් විශිෂ්ට සේවාවන් ලබාදීම නිසා ද දේශීය විදේශීය පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගැනීමට වසර ගණනාවක් පුරාවට සමත්ව තිබෙනවා.

මෙම නවතම සාර්ථකත්වය, දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් ඉහළට ඔසවා තබමින් තරඟකාරී වෙළඳපොළට විශිෂ්ට හා නැවුම් වටිනාකමක් සපයන්නට Home Lands සමාගම දැක් වූ කැපීම මෙයින් කැපී පෙනෙනවා.

Home Lands සමාගම ඔවුන්ගේ උසස් ප්‍රමිතීන් එළෙසම පවත්වා ගනිමින්, ශ්‍රී ලංකාවේ දේපළ වෙළදාම පිළිබඳ නැවුම් අත්දැකීම් තම පාරිභෝගිකයින්ට ලබාදීම ඔවුන්ගේ අරමුණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
6
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23