මාදම්පේ ප්‍රදේශයේ අක්කර දෙසීයක පමණ භූමි භාගයක සිදුවන නීති විරෝධි සිලිකා ජාවාරම තුළින් ඇතිවන පාරිසරික විනාශයන් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ප්‍රියන්ත ප්‍රනාන්දු සහ අචල වෙන්ගප්පුලි යන දිවිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම පෙත්සම ඊයේ (04) කරුණු තහවුරු කිරීම සඳහා කැඳවූ අවස්ථාවේ දී අදාළ කැණීම් සිදුවන ප්‍රදේශයේ දැනට පවතින තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර කළා.
පරිසරයට හානිවන ආකාරයෙන් වයඹ පාලාත් පරිසර අධිකාරිය පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවකින් තොරව දිගින් දිගටම පාරිසරික අනුකුල සහතික නිකුත් කිරිම නීතියට පටහැනි බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කර සිටියා.
එහිදි වයඹ පලාත් පරිසර අධිකාරිය කියා සිටියේ එසේ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් අවශ්‍ය නොවන බවයි.
එහෙත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල නියෝග කළේ නැවත එම බලපත්‍ර ලබාගැනීමට පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව අවශ්‍ය බවයි.
නඩුවට ඇතුළත් වීමට අවශ්‍ය තවත් පාර්ශවකරුවන් දෙපළකට ඊට අවසර ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදුන්නා.





