ගන්දර, කපුගම ප්‍රදේශයේදී අද (03) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් තුවාල ලැබුවා.
මෙලෙස තුවාල ලබා ඇත්තේ බහුදින ධීවර යාත්‍රා හිමිකරුවෙක් හා බස් රථ හිමිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම පුද්ගලයා පසුගිය මාර්තු මාසයේ දී දෙවුන්දර දේවාලය අසළ සිදු වූ වෙඩි තැබීමකින් මිය ගිය තරුණයන් දෙදෙනාගේ ළඟම මිතුරාගේ පියා බවට අනවරණය වී තිබෙනවා.
අද දින වෙඩි ප්‍රහාරයට ලක්වූ ව්‍යාපාරිකයාගේ පුතා විදෙස්ගතව සිටින බවයි පොලිසිය පැවසුවේ.
අද (03) උදෑසන 6.30ට පමණ සිය නිවසේ ඉදිරිපිට තේ පානය කරමින් සිටියදී ව්‍යාපාරිකයා මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙක් T56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.
මේ අතර මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් හුංගම පොලිසියේ විශේෂ කණ්ඩායම් තුනක් අංශ තුනක් ඔස්සේ විමර්ශන ආරම්භකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළේ.
මේ අතර මෙම වෙඩි තැබීම සිදුකළ ආකාරය අසල පිහිටි ආරක්‍ෂිත කැමරාවක සටහන්ව තිබුණා.





