ආදේශක තැපැල් සහායකයන් දාහක් ස්ථිර කරයි

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, දැනට ලියාපදිංචිව සිටින ආදේශක තැපැල් සහායකයින් 1000කගේ සේවය ස්ථීර කිරීමට රජයේ අනුමැතිය ලබා ඇති බවයි. ඊට අමතරව, අළුතෙන් තවත් ආදේශක සහායකයින් 1000ක් ලියාපදිංචි කර ගැනීමටද සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේය.

මෙම බඳවා ගැනීම් සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු ඉතා ඉක්මනින් සිදු කරන බව අමාත්‍යවරයා පැවසීය. එමඟින්, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවා කටයුතු පිළිබඳව හදිසි නිරීක්ෂණයක් සිදු කරන ලදී. නිරීක්ෂණයෙන් පසුව, එහි වත්මන් ක්‍රියාවලිය, ඉදිරි පියවර සහ පවතින ගැටළු පිළිබඳව නිලධාරීන් හා සේවක කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා වාරයක් පැවැත්විණි.

රාජ්‍ය සේවයේ සහ තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින පොදු අභියෝග වන සේවක හිඟය හා ප්‍රවාහන ගැටළු නිරාකරණය සඳහා දැනටමත් පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

වසර 200කට අධික ඉතිහාසයක් සහිත තැපැල් සේවය යටතේ, උප තැපැල් කාර්යාල දක්වා ආදායම් ඉලක්ක ලබා දීම, නව සේවා සංකල්ප හඳුන්වාදීම, නව තැපැල් කාර්යාල ආරම්භ කිරීම සහ පවතින සේවා යටිතල පහසුකම් නවීකරණය කිරීම වැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඔහු ප්‍රකාශ කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22